හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) රාත්‍රියේ නවරාත්‍රි විශේෂ පුජාවක් ඔහුගේ නිල නිවසේ දී පවත්වා තිබෙනවා.
මෙම විශේෂ වන්දනාවේ විශේෂ ආරාධිතයා ලෙස සහභාගි වී ඇත්තේ, හිටපු ඉන්දීය කැබිනට් අමාත්‍ය සහ හිටපු රාජ්‍ය සභා මන්ත්‍රී සුබ්‍රමනියන් ස්වාමි බව සඳහන්.
නවරාත්‍රී යනු නිර්භීතකම, ධනය සහ අධ්‍යාපනය නියෝජනය කරන දුර්ගා, ලක්ෂ්මි සහ සරස්වතී දේවතාවියන් සිහිපත් කරන රාත්‍රී නවයේ හින්දු උත්සවයක්.
හිටපු ජනපතිවරයා ලංකාවෙන් පළාගොස් නැවත දිවයිනට පැමිණි පසු ඡායාරූපවල පෙනී සිටීමක් සිදුවූ පළමු වතාව මෙයයි.
භාරතීය ජනතා පක්ෂයේ දේශපාලනඥ සුබ්‍රමනියන් ස්වාමි කවදත් රාජපක්ෂ පවුලට හිතවත්ය.
ඔහු පසුගිය කාලයේ අරගලය අතරතුර ශ්‍රී ලංකාවේ රාජපක්ෂ වරුන් වෙනුවෙන් පෙනී සිටිමින් ප්‍රකාශ නිකුත් කළ අතර එම ප්‍රකාශ ආන්දෝලනයට තුඩු දුන්නේය.
ඔහු ඉන්දීය රජයට කියා සිටියේ නීතියෙන් පත්වූ රාජපක්ෂ පාලනයට අභියෝග කරන අරගලකරුවන්ට එරෙහිව ඉන්දියානු හමුදා යැවිය යුතු බවයි.
ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය (KDU) විසින් සංවිධානය කරන ලද 15 වැනි ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව අද පැවති අතර ඊට සහභාගි වීම සඳහා සුබ්‍රමනියන් ස්වාමි මහතා ඇතුළු පිරිසට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇරයුම් කර ඇතැයි වාර්තා විය.
ඔහු හෙට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවීමටද නියමිතය.


