පහරදී ඝාතනය කර තලංගම ප්‍රදේශයේ තෙමහල් නිවසක පිහිනුම් තටාකයේ දමා තිබියදී සොයාගත් නිමි ඇඳුම් ප්‍රදර්ශනාගාර හිමි කෝටිපති ව්‍යාපාරිකයාගේ මරණය මොට ආයුධයකින් හිසට එල්ල වූ තදබල ප්‍රහාර හේතුවෙන් සිදුවූ මරණයක් බව මේ බව වන විට හෙළිව තිබෙනවා.
ඊයේ (06) පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේ දී මේ බව අනාවරණය වී ඇති බවයි වාර්තා වන්නේ.
කොළඹ අධිකරණ වෛද්‍ය මහාචාර්ය අසේල මෙන්ඩිස් මහතා මෙම පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා තිබෙනවා.
මෙම මළසිරුර ඔවුන්ගේ ඥාතීන් විසින් හඳුනා නොගැනීම හේතුවෙන් පොලීසිය සිද්ධිය සම්බන්ධව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මියගිය ව්‍යාපාරිකයාගේ සහ ඔහුගේ මවගේ DNA පරීක්ෂණය සිදු කිරීමට අවසර හිමිව ඇති බව වාර්තා වනවා.
එම DNA පරීක්ෂණ වාර්තාව ලැබෙන තෙක් පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට අවසර හිමිව තිබෙනවා.
ඒ අනුව සැකකරු පැය 24ක් රඳවාගෙන ප්‍රශ්ණ කිරීමට ඊයේ (06) අධිකරණයෙන් අවසර හිමිව ඇති බව සඳහන් වනවා.
මෙලෙස පහර දී ඝාතනය කර ඇත්තේ වැල්ලම්පිටිය කිත්තම්පහුවේ පදිංචිව සිටි රොෂාන් වන්නිනායක (49) නමැති ව්‍යාපාරිකයකි.
ඔහු කොටිකාවත්ත, රාජගිරිය, පැලවත්ත ආදී ප්‍රදේශ රැසක නිමිඇඳුම් ප්‍රදර්ශනාගාර කිහිපයක හිමිකරුවකු බවයි පොලීසිය කියා සිටියේ.
පොලිස් ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ අදාළ සැකකරු සහ ඝාතනයට ලක්වූ ව්‍යාපාරිකයා සමලිංගික මිතුරු සමාජයක සාමාජිකයන් බවයි.
ඔවුන් එම මිතුරු සමාජය හරහා මුදලට විවිධ පුද්ගලයන් සමඟ සමීප ඇසුරක් පවත්වන බවට අනාවරණය වී තිබෙනවා.
සැකකරු රැකියාවක් නොකර මෙම සමුහය හරහා මුදලට විවිධ පුද්ගලයන් සමඟ ගොස් මුදල් උපයා ඇති අතර විවාහයෙන් පසුව ඔහු එම ක්‍රියාවෙන් ඉවත්ව ඇති බවයි මුලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ.
විවාහ වුවත් රැකියාවක් නොමැති වීම හේතුවෙන් අවස්ථා ගණනාවකදී ඔහු නිවැසියන්ගේ දෝෂාරෝපණයට ලක්ව තිබෙනවා.
ඒ අනුව පෙර පරිදි මුදල් ඉපයීම සඳහා ඉහත මිතුරු හමුවට යළි සම්බන්ධ වීමෙන් ඉහත ව්‍යාපාරිකයා හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
පසුගිය 30 වනදා ඔවුන් දෙදෙනාගේ පළමු හමුවීම සිදුව ඇති අතර දෙදෙනා හඳුනාගෙන ඇසුරක් පැවැත්වීම සඳහා මහල් නිවාස සංකීර්ණයක් වෙත යෑමට සැකකරු යෝජනා කළද ව්‍යාපාරිකයා එයට අකමැති වී ඔහුගේ පැලවත්ත නිවසට කැඳවා ගොස් තිබෙනවා.
එම ස්ථානයේ දී දෙදෙනා අතර සමීප සබඳතාවක් පවත්වා ඇති අතර සැකකරු ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂයක මුදල් ඉල්ලා ඇති බව වාර්තා වනවා.
ව්‍යාපාරිකයා අදාළ මුදල දීමට අකැමැත්ත පළකර ඇති අතර දෙදෙනා එහිදී බහින්බස් වීමක් සිදුව තිබෙනවා.
එහිදී සැකකරු ව්‍යාපාරිකයා තල්ලු කර ඇති අතර බිමට වැටුණු පසු පොල්ලකින් ඔහුගේ හිසට පහර දුන් බව සැකකරු පොලිස් ප්‍රශ්ණ කිරීම්වලදී ප්‍රකාශ කර ඇති බව සඳහන්.
සැකකරු පොලීසිය හමුවේ කියා ඇත්තේ පහරදීමෙන් ව්‍යාපාරිකයාගේ බෙල්ල කඩා වැටුණු බවත්, ඔහු මියගොස් ඇති බවට ඇති වූ බිය හේතුවෙන් සිරුර පිහිනුම් තටාකය වෙත තල්ලු කර පලාගිය බවයි.