25 C
Colombo
Monday, October 14, 2024

රනිල් දාලා ගීතා සජිත් ගාවට ආපු හේතුව

- Advertisement -

මෙවර ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරන බවත් එය දැනගෙන තමන් ද ඒ මහතාට සහාය පළකිරීමට පැමිණි බව  කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පවසනවා.

“මම එක දෙයක් දන්නවා, අපේ රටේ දරුවන් වෙනුවෙන් කාන්තාවන් වෙනුවෙන් තවමත් ඉටු වුණේ නැති බලාපොරොත්තු රැසක් තියෙනවා. ඒවා කරන්න කෙනෙක් නැතිව ඉන්නෙ. කාන්තාවන්ගෙ ආරක්ෂාව, දරුවන්ගෙ ආරක්ෂාව අතිවිශාල ලෙස මේ රටට අවශ්‍ය මොහොතක – මම දන්නවා ගිය වර ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මැතිතුමා කාන්තාවන් වෙනුවෙන් සනීපාරක්ෂක තුවා ගැන කියනකොට අපේ එවුන් හිනාවුණා. හැබැයි තාමත් බැරිවුණා මේ රටේ ඒ ඉල්ලීම ඉෂ්ට කරලා දෙන්න හරියට. ඇයි උන්ට ඒක කරන්න බැරිවුණේ හරියට ? නමුත් හිනාවුණා, අපහාස කළා. ජනතාවට ඒ වගේ උදව් උපකාර කරන්න පුළුවන් නායකයෙක් නම් ඔහු මේ රටේ මීළඟ ජනාධිපති වෙනවා වෙනවාමයි. කවුද මගෙන් ඇහුවා සජිත් මහත්තයා දිනනවා කියලා දැනගෙන නේද ආවෙ කියලා. ඔව්, මම දැනගෙන තමයි ආවෙ. ඒක කාටවත් නෑ , බෑ කියන්න බෑ, එතුමා දිනනවා දිනනවාමයි”

ගීතා කුමාරසිංහ මහත්මිය මේ බව පැවසුවේ ඊයේ (09) මහනුවරදී පැවති සමගි ජන සන්ධානයේ ජන රැලියට එක්ව සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළකිරීමෙන් අනතුරුව එම රැලිය අමතමින්.

RECENT ARTICLES - SINHALA

කටුකුරුන්දේ දුම්රිය අනතුර සියදිවි නසාගැනීමක් බවට අනාවරණයක්

කළුතර කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී තිදෙනෙකුට දිවි අහිමි කරමින් ඊයේ (12) රාත්‍රියේ සිදුවූ දුම්රිය අනතුර සියදිවි නසා ගැනීමක ප්‍රතිඵලයක් බවට පොලීසියට තොරතුරු අනාවරණ වී තිබෙනවා. පොලීසිය...

මාලිමාවෙන් පාර්ලිමේන්තුවට රත්නපුරෙන් එන අය මෙන්න

මෙවර මහමැතිවරණය සදහා ජාතික ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයින් 14 දෙනෙකු ඉදිරිපත්වි තිබෙනවා. ඒ අනුව, අපේක්ෂකයින් පසුගිය 11 වැනිදා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේදී නාමයෝජනා භාර...

තවත් චීන ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට

අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචාවලට සම්බන්ධ බවට සැක කෙරෙන චීන ජාතිකයින් 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් වැලිකඩ, කෝට්ටේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති...

POPULAR ARTICLES

ජොන්ස්ටන්ගේ BMW සෙල්ලම ගැන තවත් තොරතුරු එළියට

ලියාපදිංචි නොකළ BMW කාර් රථයක් භාවිතා කළ බවට සිදු කරන විමර්ශනකට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට විදේශ ගමන් තහනමක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්...

එළවළු සහ මාළු මිල ගණන් පහළට

0
මේ දිනවල සියලු ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිලෙහි මෙන්ම මත්ස්‍ය මිල ගණන් ද සීඝ්‍රයෙන් පහත බැස ඇති බවයි වෙළෙදුන් පවසනවා. වැඩි එළවළු අස්වැන්නක් ලැබීම හේතුවෙන් වෙළඳපොල...

බස්නාහිර පළාතේ පාසල් කිහිපයක් වසා දැමේ

පවතින අයහපත් කාලගුණයේ හේතුවෙන් බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් කැලණිය සහ මීගමුව අධ්‍යාපන කලාපවල පාසල් හතරකට හෙට (14) දිනයේ නිවාඩු ලබා දී තිබෙනවා. අනුව කැලණිය මහා...