25 C
Colombo
Thursday, January 16, 2025

හැටන් බස් රියදුරා ඉවතට විසිවූ හේතුව

- Advertisement -

හැටන්, මල්ලියප්පුව ප්‍රදේශයේදී අනතුරට ලක්වූ බස් රථයේ දෝෂ කිහිපයක් හඳුනාගෙන තිබෙනවා.

ඒ, බස් රථය ඊයේ (23) මෝටර් රථ පරීක්ෂකවරුන් පරීක්ෂාවට ලක්කළ අවස්ථාවේදීයි.

බස් රථයේ රියැදුරු ආසනයේ ආසන පටිය නොමැති බවට පරික්ෂාවේදී අනාවරණ වී තිබෙන අතර මෝටර් රථ පරීක්ෂකවරුන් පෙන්වා දෙන්නේ, රියැදුරු ආසනය ආසන්න පැති දොරේ අගුළු ද ක්‍රියාත්මක තත්ත්වයේ නොතිබූ බවයි.

මීට අමතරව, බස් රථයේ සුදු යකඩ ඇතුළු සවි කර ඇති ඇතැම් උපාංග ද, අනතුරින් මගීන් මියයාමට සහ තුවාල සිදුවීමට හේතුවන්නට ඇතැයි, මෝටර් රථ පරීක්ෂකවරුන් සැකපළ කර තිබෙනවා.

බස් රථයේ පැවති එම දෝෂ පිළිබඳ පරීක්ෂකවරුන් විසින් පොලීසියට කරුණු වාර්තා කර ඇති අතර, අධිකරණයට ද ඒ සම්බන්ධයෙන් කරුණු වාර්තා කිරීමට නියමිතයි.

හැටන්, මල්ලියප්පුවේ සිදුවූ අනතුරට අදාළ බස් රථයේ සවිකර තිබූ CCTV දර්ශන මකා ඇති බවට ද, මේ වනවිට අනාවරණය වී තිබෙනවා

පොලීසිය සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව දත්ත ගබඩා පද්ධතිය මොරටුව විශ්වවිද්‍යාලයට යොමු කරන බවයි.

පසුගිය සෙනසුරාදා සිදුවූ මෙම අනතුරින් කුඩා දරුවෙකු ඇතුළු තුන්දෙනෙකු මිය ගොස් 46 කට අධික පිරිසක් තුවාල ලැබුවා.

RECENT ARTICLES - SINHALA

නොච්චියාගම අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙක් මරුට

නොච්චියාගම ගාලදිවුල්වැව ප්‍රදේශයේ අද (16) පස්වරුවේ සිදු වූ අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව පොලිසිය පවසනවා. පොලිසිය...

Breaking: එක ගෙයි කන්න සාකච්ඡා

එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කිරීම සඳහා සාකච්ඡා කිරීමේ යෝජනාවට සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මෙම සාකච්ඡා සඳහා සමගි...

එකතුවෙනවා නම් වෙන්න ඕන හදවතින්

එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එකතු වීම අවශ්‍යම දෙයක් වුවත් එය සිදුවිය යුත්තේ දෙපාර්ශවයේම ගෞරවය ආරක්ෂා වන පරිදි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ...

POPULAR ARTICLES