32 C
Colombo
Friday, March 29, 2024

ඉවත් කළ බව පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්ට දැනුම් දී නෑ – ඇමති සමඟ අද සාකච්ඡාවක්

- Advertisement -

පළිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා වහාම ක්‍රියාත්මක වන පරිදි තනතුරෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් කෘෂිකර්ම අමාත්‍යාවරයාගේ මාධ්‍ය ලේකම්, ජයසූරිය උඩුකුඹුර මහතා මේ බව දැනුම් දී සිටින අතර වසර 7ක් පුරා තහනමට ලක්ව තිබූ ග්ලයිපොසේට් ඇතුළු පළිබෝධනාශක වර්ග 5ක තහනම ඉවත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනයට අදාළව රෙජිස්ට්‍රාර්වරයා තනතුරින් ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි පැවසෙන්නේ.

එමෙන්ම, ඔහුට එරෙහිව විනයානුකූල පරීක්ෂණයක් පවත්වන බවත් එම නිවේදනයේ සඳහන්.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් ආචාර්ය ජේ.ඒ. සුමිත් මහතා පවසන්නේ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවෙන් අනුමැතිය ලැබීමෙන් අනතුරුව එම ගැසට් නිවේදනය නිකුත් කිරීමට කටයුතු කළ බවත් තමා තනතුරෙන් ඉවත් කළ බවක් පිළිබදව මෙතෙක් දැනුවත් වී නොමැති බවත් ය.

එමෙන්ම, අද (23) පස්වරුවේ අමාත්‍යවරයා සමග සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

Breaking: ඥාණසාර හිමි බන්ධනාගාර රෝහලට

0
ජාතික හා ආගමික සංහිඳියාවට හානි සිදු වන ආකාරයෙන්, ඉස්ලාම් දහමට අපහාසාත්මක වන ප්‍රකාශයක් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් වරදකරුවී 4ක බරපතළ වැඩසහිත සිරදඬුවම් ලැබූ ගලබොඩ අත්තේ...

ශ්‍රී පාද වන්දනාවේ ගිය විදේශිකයෙක් ප්‍රපාතයකට වැටිලා

රත්නපුර - ශ්‍රී පාද මාර්ගයේ ඇහැලකණුව ප්‍රදේශයේදී ආරක්ෂිත වැටෙන් මිටර් 100ක පමණ ප්‍රපාතයට විදෙස් ජාතිකයෙක් ඇද වැටී තිබෙනවා. ඉන්දීය ජාතිකයෙකු වූ අදාළ විදේශිකයා පසුව...

අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් දෙන්නෙක් පැනල ගිහින්

අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිරකඳවුරෙහි මහජනතාවට විවෘත කර ඇති ආපනශාලාවේ සේවය කළ සිරකරුවන් දෙදෙනෙකු අද (29) දහවල් එම ස්ථානයෙන් පළා ගොස් තිබෙනවා. බන්ධනාගාර ආරංචි මාර්ග පවසන්නේ...

POPULAR ARTICLES

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කෙහෙළියට අධිකරණය දුන් නියෝගය

ව්‍යාජ එන්නත් සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් 9 දෙනා අප්‍රේල් මස 08 වනදා දක්වා...