28.9 C
Colombo
Thursday, July 10, 2025

නවීකරණය කරන ලද අභියාචනාධිකරණ ගොඩනැගිල්ල විවෘත කෙරේ

- Advertisement -

අභිනවයෙන් ඉදි කරන ලද “අධිකරණ පියස 1” සහ මහජන චින සමුහාණ්ඩුවේ පුර්ණ ප්‍රදානයක් වන නවීකරණය කරන ලද අභියාචනාධිකරණ ගොඩනැගිල්ල අද (18) පෙරවරුවේ  විවෘත කෙරුණා.

ඒ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්.

අගවිනිසුරු ජනාධිපති නීතීඥ මුර්දු ප්‍රනාන්දු, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර හා ශ්‍රී ලංකාවේ චීන තානාපති QI Zhenhong යන ආරාධිතයින් රැසක්ද මෙම අවස්ථාව සඳහා එක්ව තිබුණා.

චීනය හා ශ්‍රී ලංකාව අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවය ශක්තිමත් කරමින් අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණය 1988 වසරේදී පරිත්‍යාගයක් ලෙස චින රජය විසින් ශ්‍රී ලංකාවට ලබාදී තිබෙනවා.

ඒ, උපරිමාධිකරණ සංකීර්ණය පුළුල් ලෙස නවීකරණය කිරීමට සහ  අදාළ  තාක්ෂණික හා මුල්‍ය පහසුකම් ලබා දීමට මහජන චීන සමුහාණ්ඩුව, ශ්‍රි ලංකා රජය සමඟ 2016 වසරේ දී එළඹුණු එකඟතාවයක් මතයි.

මෙම ව්‍යාපෘතියේ පළමු පියවරේදී නව පහසුකම්වලින් සමන්විත සත් පුද්ගල, පංච පුද්ගල, ත්‍රි පුද්ගල විනිශ්චයාසන සහිත නව අභියාචනාධිකරණ විනිශ්චය ශාලා 11 ක්, විනිසුරුවරුන් සඳහා නිල කාමර 20 ක්, කාර්ය මණ්ඩල කාර්යාල පහසුකම්, ස්වයංක්‍රිය කැමරා පද්ධතියකින් යුත් නවීන පාලක මැදිරියක්, විනිසුරුවරුන් වෙනුවෙන් වාහන අංගනයක්, නවීන උපාංග සහිත ආපන ශාලාවක්, විදුලි සෝපාන හා නඩු වාර්තා කාමර තුනකින් සමන්විතව අභියාචනාධිකරණ ස්ථාපිත කිරීම සඳහා ගොඩනැගිල්ල නවීකරණය කර තිබෙනවා

අධිකරණ පියස ව්‍යාපෘතිය යටතේ ඉදි කිරීම් ආරම්භ කළ පළමු උප ව්‍යාපෘතිය වන “අධිකරණ පියස -1” ද මෙයට සමගාමීව ජනතා අයිතියට පත් කෙරුණා.

එහි දෙවන ව්‍යාපෘතිය ලෙසින් දිසා හා මහාධිකරණ සංකීර්ණයත්, තෙවන ව්‍යාපෘතිය ලෙස අධිකරණ අමාත්‍යාංශ සංකීර්ණය හා සිව්වන ව්‍යාපෘතිය ලෙස නිල නිවාස සංකීර්ණයද  ඉදි කිරීමට නියමිතයි.

අලුත්කඩේ පිහිටි බීසීසී සමාගමට අයත් අක්කර හයක භූමි ප්‍රමාණයක් අධිකරණ අමාත්‍යාංශය වෙත පවරා ගනිමින් අධිකරණ පියස ව්‍යාපෘතිය 2021 ජනවාරි මස 21 වන දින ආරම්භ කළ අතර, ව්‍යාපෘතියේ ඉදි කිරීම් කොන්ත්‍රාත්කරු සහ උපදේශක ආයතනය ලෙස ඉංජිනේරුමය කාර්යයන් පිළිබද මධ්‍යම උපදේශක කාර්යාංශය කටයුතු කරනු ඇති.

RECENT ARTICLES - SINHALA

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණ පනත් කෙටුම්පත පිළිබඳ සාකච්ඡාවක්

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ පනත් කෙටුම්පත හා වැඩපිළිවෙල සම්බන්ධයෙන් වෘත්තීය සමිති නියෝජිතයින් හා බලශක්ති අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් බලශක්ති අමාත්‍යංශයේදී පැවැත්වුණා. මෙහිදී ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය...

ඔටිසම් සහ ස්නායු ගැටලුවලින් පෙළෙන ළමුන් සඳහා දිවා සුරැකුම් මධ්‍යස්ථාන

ඔටිසම් තත්ත්වය සහ ස්නායු සංවර්ධනය පිළිබඳ ගැටලුවලින් පෙළෙන ළමුන් වෙනුවෙන් ප්‍රතිකාර හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා ජාතික මට්ටමේ යාන්ත්‍රණයක් සකස් කිරීමේ යෝජනාවක් සති...

අල්ලස් ඉල්ලු පොලිස් නිලධාරියා රිමාන්ඩ්

රාගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ පහක අල්ලසක් ඉල්ලා රුපියල් 180000ක මුදලක් ලබා ගත්තේ යැයි කියන බස්නාහිර පළාත් උතුරු දිසාව අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරියෙකු...

POPULAR ARTICLES

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණ පනත් කෙටුම්පත පිළිබඳ සාකච්ඡාවක්

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ පනත් කෙටුම්පත හා වැඩපිළිවෙල සම්බන්ධයෙන් වෘත්තීය සමිති නියෝජිතයින් හා බලශක්ති අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් බලශක්ති අමාත්‍යංශයේදී පැවැත්වුණා. මෙහිදී ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය...

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පළමු විස්සයි20 ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දු යැවීමට තීරණය කළා. පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ...