වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුවේ නියෝජිතයන්ගේ විශේෂ හමුවක් අද (30) පැවැත්වෙනවා.
ඒ රුපියල් ලක්ෂය ඉක්මවන මාසික ආදායම් මත 6% සිට 36% දක්වා බදු අය කරන ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වහා හකුලා ගන්නා ලෙස පසුගිය සතියේ ක්‍රියාත්මක කළ කළු විරෝධතා සතියේ ඉදිරිය සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහායි.
මෙම හමුව සඳහා වෘත්තීය සමිති 30ක පමණ නියෝජිතයින් සහභාගි වීමට නියමිත බවයි වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව නියෝජනය කරන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසන්නේ.