29.7 C
Colombo
Wednesday, April 24, 2024

කොපි කරපු 116 කගේ ප්‍රතිපල අත්හිටෙව්වා – විභාග කොමසාරිස්

- Advertisement -

මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ විෂයන් 6කට වඩා වැඩි සංඛ්‍යාවකට මුහුණ දී සිසුන් 6566 දෙනෙක් අසමත් වී තිබෙනවා.

විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා සඳහන් කරන්නේ විභාගය සඳහා මුහුණ දුන් සමස්‌ථ සිසුන් ගණනින් ප්‍රතිශතයක් ලෙස ගත් කළ එය 2.11%ක් බවයි.

මේ වසරේ විභාගයට පෙනී සිටි සිසුන් අතුරින් 10863 විෂයන් 9යටම A සමාර්ථ ලබාගෙන තිබෙනවා.

කොමසාරිස්වරයා කියා සිටියේ විභාග අපේක්ෂකයින් 498 දෙනෙකුගේ විභාග ප්‍රතිඵල නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.

විභාගය අතරතුරදී විභාග වංචා සිදුකළ 116 දෙනෙක් හඳුනාගෙන තිබෙනවා.

ඒ මහතා මෙලෙස විභාග ප්‍රථිපල තාවකාලිකව අත්හිටුවූ සිසුන් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර ප්‍රථිපල නිදහස් කළ හැකි සිසුන්ගේ ප්‍රථිපල නිදහස් කිරීමට සුදානම් බවයි.

මෙවර විභාගය සඳහා පෙනී සිටි සිසුන් අතරින් 231,982 ක් උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා ඇති බවයි විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

RECENT ARTICLES - SINHALA

හොර ඒජන්සිවලට වැඩවරදියි

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධී ලෙස මුදල් එක් කරන පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස කම්කරු සහ විදේශ රැකියා...

ඉරාන සහ ලංකාව අතර ගිවිසුම් 05ක්

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තබා තිබෙනවා. මෙම අවබෝධතා ගිවිසුම් මගින් දෙරට අතර චිත්‍රපට කර්මාන්තය,...

රිලා ගහනය අඩු කරන්න පේරෙන් ලුපයක්

රිළා ගහනය අවම කිරීමේ පර්යේෂණ ප්‍රතිඵලයක් ලෙස රිළවියක ගේ ගර්භාෂයේ ලූපයක් තැන්පත් කිරීම අද (24) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ දී සාර්ථකව සිදු කරනු...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

C2 යි S1 ට කොතලාවලින් MBBS

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා ගෙවීමේ පදනම මත සිසුන් බඳවා ගැනීම සඳහා අයදුම් පත් කැඳවා තිබෙනවා. ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ,...