32 C
Colombo
Tuesday, February 18, 2025

ගල්ඔය බැම්ම කැඩී යාමේ අවදානම තවදුරටත්

- Advertisement -

ගල්ඔයේ ඉවුරු බිඳීයාමේ අවදානම හේතුවෙන් ආරක්ෂිත ස්ථාන වෙත යොමුකළ අම්පාර, සේනානායකපුර, සාමපුර සහ සුදුවැල්ල යන ගම්මානවල පවුල් 44ක පුද්ගලයින් 135 දෙනෙකු තවදුරටත් එහි රඳවා තිබෙනවා.

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග මේ වනවිට අම්පාර සේනානායක සමුද්‍රය වාන් මට්ටමට ආසන්න වෙමින් පවතින අතර, එසේ වුවහොත් එහි ජලය මුදාහැරෙන්නේ ගල්ඔයටයි. 

අක්කර අඩි 770,000ක ධාරිතාවයකින් යුතු සේනානායක සමුද්‍රයේ උපරිම ජල ධාරිතාව අඩි 110 මට්ටමට පැමිණියහොත් එය වාන්දැමීම ආරම්භ වනවා.

අද (15) උදෑසන වනවිට එහි ජලය අඩි 103ක උසකින් පැවති අතර, තවදුරටත් පවතින වැසි හමුවේ සේනානානයක සමුද්‍රයේ වාන්දොරටු දෙක සුළු වශයෙන් විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.

කෙසේවෙතත්, තවදුරටත් පවතින වැසි හමුවේ සේනානානයක සමුද්‍රයේ වාන් දොරටු පූර්ණ වශයෙන් විවෘත කළහොත් හෝ වාන්දැමුවහොත් එහි ජලය මුදාහැරෙන ගල්ඔයේ ජල ධාරිතාව ඉහළ යනු ඇති.

ගල්ඔයේ ඉවුරු සුදුවැල්ල සහ කොටවෙහෙර යන ප්‍රදේශවලින් දැඩි ලෙස ඛාදනය වී තිබීම හේතුවෙන් ඉවුරු කැඩී යාමේ අවදානමක් මතුව තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

හිටපු ඇමති ප්‍රියංකරට අධිචෝදනා

හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා බාරදී තිබෙනවා. ඔහු සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ රුපියල් 494000/- ක...

කෙහෙළියට එරෙහි නඩුවක සාක්ෂි විභාගය පටන් අරන්

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති හින්කෙන්ද යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව අද...

එකඟෙයි හවුලට අභ්‍යන්තර අර්බුද බාධාවක් වෙලා

සමගි ජනබලවේගය පක්ෂය තුළ පවතින අභ්‍යන්තර අර්බුද හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය සමඟ පැවැත්වෙන සාකච්ඡාවලට බාධා එල්ල වී තිබෙනවා. එළැඹෙන මැතිවරණවලදී එක්ව තරග කිරීම සඳහා එක්සත්...

POPULAR ARTICLES