31.7 C
Colombo
Friday, June 20, 2025

කිලෝමීටර් ලක්ෂයේ මාර්ග සංවර්ධන වැඩසටහන අවසන් කරනවා – චන්ද්‍රකාන්තන්

- Advertisement -

කිලෝමීටර් ලක්ෂයේ මාර්ග සංවර්ධන වැඩසටහනේ අවසන් අදියර මීළඟ අයවැය හරහා මුදල් ලබාගෙන සම්පූර්ණයෙන් අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා පවසනවා.

රැකියා විරහිත උපාධිධාරීන්ගේ ගැටලුව සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බවත් ඔවුන්ට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ රැකියා අවස්ථා ලබා දීමේ ක්‍රියාමාර්ග මේ වන විටත් සම්පාදනය කරමින් සිටින බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (06) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,

පසුගිය සමයේ දැඩි අර්බුදයට ලක්ව තිබූ රට මේ වන විට යළි ගොඩනැඟෙමින් තිබෙනවා. මෙම සංවර්ධන කටයුතු තවදුරටත් ඉදිරියට යා යුතුයි. ඒ නිසා අපි හැමෝම එකට ගමන් කළ යුතුයි. ඉකුත් වකවානුවේ පැවති ආර්ථික අර්බුදය තුළ ඉදිකිරීම් ක්ෂේත්‍රය, මාර්ග ප්‍රතිසංස්කරණය ඇතුළු විවිධ සංවර්ධන කටයුතු ආරම්භ කර තාවකාලිකව අත්හිටුවීමට සිදුවුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් ගිවිසුමෙන් පසුව ඒවා දැන් යළි ආරම්භ කරමින් තිබෙනවා.
ඒ වගේම නිෂ්පාදන ක්ෂේත්‍රය ඉහළ නැංවීමේ අරමුණින් නවතා දැමූ ලෝක බැංකු වැඩසටහන හරහා ග්‍රාමීය ප්‍රදේශ සහ නගර යා කෙරෙන මාර්ග සංවර්ධන කටයුතු යළි ආරම්භ කර තිබෙනවා. පසුගිය රජය ආරම්භ කළ කිලෝමීටර් ලක්ෂයේ මාර්ග සංවර්ධන වැඩසටහන ද හැකිතාක් දුරට අවසන් කර තිබෙනවා. ඉදිරි අයවැය හරහා මුදල් ලබාගෙන එම වැඩසටහන සම්පූර්ණ කිරීමට අප බලාපොරොත්තු වෙනවා.එමෙන්ම මේ වන විට ආරම්භ කර තිබෙන ග්‍රාමීය පාලම්වල ඉදිකිරීම් කටයුතු අපි හැකිතාක් දුරට අවසන් කර තිබෙනවා. ඉතිරි කටයුතු ද ඉදිරියේ දී සම්පූර්ණයෙන්ම නිම කිරීමට පියවර ගනු ලබනවා. ඉදිකිරීම් ක්ෂේත්‍රය කඩිනම් කිරීමෙන් පසු ආර්ථිකය දියුණු වෙනවා. ඒ සඳහා වැඩසටහන් ආරම්භ කර තිබෙනවා.රැකියා විරහිත උපාධිධාරීන්ගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ද රජයේ අවධානය යොමුව තිබෙනවා. වයසත්, නිවසේ පවතින ආර්ථික තත්ත්වයත් නිසා ඔවුන් උද්ඝෝෂණ කරමින් ආණ්ඩුවට බලපෑම් කරනවා. ඒ ගැනත් අපි අවධානය යොමු කර තියෙනවා. ඔවුන්ට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ රැකියා අවස්ථා ලබා දීමේ ක්‍රියාමාර්ග මේ වන විටත් සම්පාදනය කරමින් තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

පොහොට්ටුවත් එක්ක ගාල්ලේ බලය මාලිමාවට

ගාල්ල මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිව තිබෙනවා. ගාල්ල මහ නගර සභාවේ මංගල රැස්වීම පළාත් පාලන මහකොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් අද (20) පැවැත්වුණා. ගාල්ල මහ නගර...

සිරකරු සමාවට තුන්කට්ටුවක් මැති සබේ පැටලිලා

ජනාධිපති සමාව යටතේ සිරකරුවන් නිදහස් කිරීමේදී ජනාධිපතිවරයාගේ ලේඛනයට අදාළ නොමැති සිරකරුවෙකු නිදහස් කිරීමේ පිළිබඳ නැවත පාර්ලිමේන්තුවේදී ඊයේ (19) උණුසුම් සංවාදයක් ඇති වුණා. ඒ අමාත්‍ය ආනන්ද...

 හල්ලොලුවට ඇප

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු විධායක අධ්‍යක්ෂ තුසිත හල්ලොලුව මහතාට ඇප හිමිව තිබෙනවා. හල්ලොලුව මහතා අද (20) පෙරවරුවේ කොටුව ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය...

POPULAR ARTICLES

සිරකරු සමාවට තුන්කට්ටුවක් මැති සබේ පැටලිලා

ජනාධිපති සමාව යටතේ සිරකරුවන් නිදහස් කිරීමේදී ජනාධිපතිවරයාගේ ලේඛනයට අදාළ නොමැති සිරකරුවෙකු නිදහස් කිරීමේ පිළිබඳ නැවත පාර්ලිමේන්තුවේදී ඊයේ (19) උණුසුම් සංවාදයක් ඇති වුණා. ඒ අමාත්‍ය ආනන්ද...

ලුණු සහ විෂ බැක්ටීරියා පමණක් ඇතුළත් ද්‍රාවණයකට රජයෙන් ලක්ෂ 1444ක් වැය කරලා – නීතිපති

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධ ගනුදෙනුවට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ඇතුළු සැකකරුවන් 11 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ අවසන් වාර්තාව...

පොහොට්ටුවත් එක්ක ගාල්ලේ බලය මාලිමාවට

ගාල්ල මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිව තිබෙනවා. ගාල්ල මහ නගර සභාවේ මංගල රැස්වීම පළාත් පාලන මහකොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් අද (20) පැවැත්වුණා. ගාල්ල මහ නගර...