31 C
Colombo
Wednesday, March 29, 2023

දරුවන් ඉගෙන ගනිද්දී මාතර පාසලක වහලයක් කඩා වැටිලා (වීඩියෝ)

- Advertisement -

මාතර – රත්මලේ – තලහිටියාගොඩ – පරාක්‍රම විද්‍යාලයේ සිසු දරුදැරියන් අධ්‍යාපනය හදාරන ගොඩනැගිල්ලක වහලයෙන් කොටසක් ඊයේ (15) උදෑසන 10ට පමණ කඩාවැටී තිබෙනවා.

වසර 60ක් පමණ වන මෙම ගොඩනැගිල්ල අබලන් තත්වයේ පවතින බවට දෙමවුපියන් මෙන්ම ගුරුවරුන්ද දිගින් දිගටම අදාල බලධාරීන් වෙත දැනුම්දී තිබුණත් එය බීරි අලින්ට වීනා වැයීමක් පමණක් වුණා.

කෙසේ වෙතත් නව පාසල් වාරය සදහා පාසල ආරම්භ වූ ඊයේ දිනයේ දරුවන් පාසලේ රැදී සිටින අවස්ථාවක මෙම වහලය කඩාවැටී තිබීම කෙතරම් ඛේදජනක තත්ත්වයක්ද.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සිසු දැරියක්:
“ඊයෙ තමයි අපේ නව පාසල් වාරය පටන් ගත්තේ. ඊයේ අපේ බිල්ඩින් එක තවත් පහත් වෙලා තිබුණු නිසා ගුරුවරු අපි වෙන තැන් වලට දැම්මා.
අපි 10ට විතර විද්‍යාගාරයට යනකොට තමයි ලොකු සද්දයක් එක්ක මේ වහල කඩන් වැටුනේ. පෙර වාසනාවකට ළමයි කාටවත් හානියක් උනේ නෑ. අපිට ආරක්ෂිතව ඉගෙනගන්න අලුත් බිල්ඩින් එකක් හදල දෙන්න”
මේ පිළිබඳව අදහස් දැක්වූ මවක්:
“තලහිටියාගොඩ පරාක්‍රම විද්‍යාලයේ ප්‍රධාන ශාලාව අබලන්වීම ගැන මාධ්‍ය හරහා ලංකාවම දැනුවත් කලා. ඒත් අදාල බළධාරීන් කිසිම පියවරක් ගත්තෙ නෑ.
දැන් මේ ගොඩනැගිල්ලෙ පරාල, උලු කඩාගෙන වැටෙනකල් බලධාරීන් බලාගෙන හිටියෙ අපේ දරුවෙකුට අනතුරක් වෙනකල්ද?
දැන් පාසල කියන්නෙ මර උගුලක්. දැන් ළමයි ඉගෙන ගන්නෙ එළිමහනෙ පන්ති කාමරවල. බලධාරීන්ගේ ඇස් කන් ඇරිලනම් දැන්වත් ළමයින්ට ආරක්ෂිතව ඉගෙන ගන්න අලුත් ගොඩනැගිල්ලක් ලබාදෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා.”

ළමුන් 100කට අධික ප්‍රමාණයක් මෙම විදුහලේ 1 වසරේ සිට 11 වසර දක්වා අධ්‍යාපනය ලබන අතර මෙම පාසල අධ්‍යාපන මට්ටමින් ඉතා හොඳ ප්‍රතිපල පෙන්වා තිබෙනවා.

මෙම කඩාවැටී ඇති ගොඩනැගිල්ලේ පන්ති කාමර 4ක් පමණ පවත්වාගෙන යන අතර මේ වන විට එම පන්තිකාමර තාවකාලික කූඩාරම් වල පවත්වාගෙන යනු ලැබීම අධ්‍යාපන බලධාරීන් ලැජ්ජා විය යුතු කාරණයක්.

මෙම ගොඩනැගිල්ලේ අනතුරුදායක තත්වය සම්බන්ධයෙන් මීට පෙරද මාධ්‍ය මගින් දැනුම්වත් කල අවස්ථාවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න මහතා මෙම ගොඩනැඟිල්ල සාදා දීමට ඉදිරිපත් වුවද එම කාර්යය මගහැරි බවට දෙමවුපියන් චෝදනා කරනවා.

RECENT ARTICLES - SINHALA

මිනිස් ඝාතනයට තැත් කිරීමේ වරදට ජීවිතාන්තය දක්වා  සිරදඬුවම් 

බෝම්බයක් පුපුරුවා හැර මිනිස් ඝාතන සිදුකිරීමට තැත් කිරීමේ චෝදනාවට වරදකරුවූ චූදිතයෙකුට කොළඹ මහාධිකරණය අද (29) ජීවිතාන්තය දක්වා බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කළා.

විද්‍යුත් මෝටර් රථ පමණක් ආනයනයට රජය තීරණය කරයි

ඉදිරියේදී අවසර හිමිවන සෑම අවස්ථාවකම මෙරටට විද්‍යුත් මෝටර් රථ පමණක් ආනයනය කිරීමට රජය තීන්දුවක් ගෙන ඇති බව විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර...

BREAKING – බස් ගාස්තු අඩු වෙන්නේ මෙහෙමයි

0
බස් ගාස්තු හෙට (30) මධ්‍යම රාත්‍රියෙන් අඩු කෙරෙන බව වැඩබලන ප්‍රවාහන අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කරන්නේ...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...