25 C
Colombo
Thursday, January 16, 2025

බස්වලින් වැඩි ගණන් ගන්න වේලාසටහන්කරුවන්ට නීති තද වෙයි

- Advertisement -

පෞද්ගලික බස්රථ වලින් වේලාසටහන්කරුවන් අධික මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

වේලාසටහන්කරුවන් හා බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා අතර ඊයේ (03) පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව සභාපතිවරයා මේ බව පැවසුවා.

වේලාසටහන්කරුවන් පෞද්ගලික බස්රථ වලින් අධික මුදලක් ලබාගැනීම සම්බන්ධයෙන් බස්රථ සංගම් දැඩි අප්‍රසාදය පළ කරනවා.

මේ සම්බන්ධයෙන් බස් සංගම් අවස්ථා කිහිපයකදී බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට පැමිණිලි කර ඇතත්, පසුගිය වසර කිහිපය තුළ ඊට නිසි ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි වී තිබෙනවා.

කෙටිදුර බස් රථයක් වේලාසටහන්කරුවන්ට දිනකට රුපියල් 500ක මුදලක් ලබා දියයුතු අතර, දුර ගමන්සේවා බස් රථයක් රුපියල් 1000ක මුදලක් දෛනිකව ලබාදෙන බව සඳහන්.

බස් සංගම් පෙන්වා දෙන්නේ, රජය ඉන්ධන මිල ඉහළ දැමූ වහාම බස් ගාස්තු ද ඉහළ දැමීමට සිදුවන්නේ වේලාසටහන්කරුවන්ට අමතර මුදල් ලබාදීමට සිදුවන නිසා බවයි.

RECENT ARTICLES - SINHALA

නොච්චියාගම අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙක් මරුට

නොච්චියාගම ගාලදිවුල්වැව ප්‍රදේශයේ අද (16) පස්වරුවේ සිදු වූ අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව පොලිසිය පවසනවා. පොලිසිය...

Breaking: එක ගෙයි කන්න සාකච්ඡා

එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කිරීම සඳහා සාකච්ඡා කිරීමේ යෝජනාවට සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මෙම සාකච්ඡා සඳහා සමගි...

එකතුවෙනවා නම් වෙන්න ඕන හදවතින්

එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එකතු වීම අවශ්‍යම දෙයක් වුවත් එය සිදුවිය යුත්තේ දෙපාර්ශවයේම ගෞරවය ආරක්ෂා වන පරිදි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ...

POPULAR ARTICLES