27 C
Colombo
Saturday, June 10, 2023

රුසියානුවන් එන්නත ගහගන්න කැමති නැහැ. ඒත් අපි එහෙන් සංචාරකයන් ගේනවා – උදයංග

- Advertisement -

මේ වන විටත් සමස්ත රුසියාවෙන් වැක්සීනය ලබාගෙන ඇත්තේ 20% ක තරම් අඩු ප්‍රතිශතයක් බවත් එරට ජනතාව වැක්සීනය ලබාගැනීමට අකමැත්ත පලකරන බවත් රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා පවසනවා.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු සදහන් කළේ මේ වන විට රුසියානුවන්ට එන්නත ලබාගන්න යැයි එරට රජයට බලකිරීමට පවා සිදුව ඇති බවයි.

කෙසේ වෙතත් රුසියානු සංචාරකයින් මෙරටට රැගෙන ඒමේ වැඩපිළිවෙලක් මේ වන විටත් ආරම්භ කර ඇති බවත් ඒ අනුව එම වැඩපිළීවෙල අගෝස්තු මස 01 වෙනිදා සිට ක්‍රියාත්මක කෙරෙන බවත් උදයංග වීරතුංග මහතා පවසනවා.

නැවතත් ශ්‍රී ලංකාවට සංචාරකයින් ගෙන්වා ගැනීමේ මෙම එකාබද්ධ ප්‍රවර්ධන වැඩපිළිවෙළ සංචාරක සංවර්ධන අධිකාරිය, සංචාරක ප්‍රවර්ධන කාර්යංශය, සංචාරක සංවිධායකයින් හා ගුවන් සමාගම් එක්ව ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

සංචාරක හෝටල්, ගුවන් සමාගම් හා සංචාරක සංවිධායකයින්ට ලබා දිය හැකි සහන පැකේජ වශයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය උපාය මාර්ගික සැලසුම් පිළිබඳව ද පෙරේදා (27) අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී අවධානය යොමු වුණා.

කොවිඩ් තත්ත්වය හේතුවෙන් රටවල් 21ක් ශ්‍රී ලංකාවට සංචාරය කිරීම තහනම් කර ඇති අතර එම රටවල සංචාරකයින් ශ්‍රී ලංකාවට පැමිණිම සඳහා පනවා ඇති සීමා ඉවත් කිරීමට විදේශ කටයුතු අමාත්‍යංශය සමග එක්ව කටයුතු කිරීමට ද සංචාරක අමාත්‍යාංශ තීරණය කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ජංගම දුරකථන සහ උපාංග වල මිල 20% කින් අඩු වන ලකුණු?

ජංගම දුරකථන සහ උපාංග වල මිල සියයට 20 කින් පමණ අඩු කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන සහ...

කිරින්ද වෙරළේදී තරුණියන් දෙදෙනෙකු රළ පහරට හසුවෙයි

කිරින්ද විහාරය ආසන්නයේදී මුහුදු රළ පහරට හසුවීමෙන් තරුණියක් අතුරුදහන්ව තවත් තරුණියක් මියගොස් තිබෙනවා. අද (09) උදෑසන කාලයේදී තරුණියන් තිදෙනෙකු...

විදේශගත ශ්‍රමිකයින්ගෙන් ඩොලර් මිලියන 480 ක්

මැයි මාසයේදී විදේශගත ශ්‍රමිකයන් මෙරටට ඩොලර් මිලියන 480 කට වැඩි මුදල් ප්‍රමාණයක් එවා ඇති බව කම්කරු හා විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Consideration of ‘Casino Bill’ postponed until regulatory authority established

0
Consideration of Betting and Gaming Taxes (Amendment) Bill postponed until timeline for establishing regulatory authority is worked out, the Committee on Public...

Ajith Prasanna sentenced another six months RI

0
Major (Retired) Ajith Prasanna has been sentenced to six months of rigorous imprisonment by the Court of Appeal. This...

Danushka Gunathilaka to stand trial accused of raping woman in Sydney

0
Cricketer Danushka Gunathilaka will stand trial accused of raping a woman while in Sydney for the T20 World Cup.