24 C
Colombo
Saturday, May 24, 2025

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය කලින්ම පිටවෙලා

- Advertisement -

පසුගිය 15 වැනි දින පැවති පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ජයාරූප ගතකර බේදා හරින ලද බව කියන ශාලාධිපතිවරයෙකු ඇතුළු ගුරුවරු හය දෙනෙකු ප්‍රශ්න කිරිම සදහා විභාග දෙපාර්තමේන්තුව විසින් සිය බාරයට ගෙන තිබෙනවා.

මෙම සිදුවීම සිදුවී ඇත්තේ අනුරාධපුර, රත්මලේ තිස්ස විදුහලේදීයි.

පහ වසර  ශිෂ්‍යත්ව විභාගය පෙරේදා ආරම්භ වීමට විනාඩි දහයකට පෙර මෙම  විභාග මධ්‍යස්ථානයේ සහකාර විභාග ශාලාධිපතිවරයා විසින්  පලමු  ප්‍රශ්න පත්‍රය දුරකථනයෙන් ඡායාරූ ගත කොට  තවත් ගුරුවරුන්  කීපදෙනෙකුට යැවීම සම්බන්ධයෙන්  එම සහකාර විභාග ශාලාධිපතිවරයා සමග ගුරුවරු හය දෙනෙකු ජංගම දුරකතනයද සමග විභාග දෙපාර්තමේන්තුව විසින් සිය බාරයට ගෙන තිබෙනවා.

අනුරාධපුර නගරයේ සහ නොච්චියාගම යන ප්‍රදේශවල පිහිටි රජයේ පාසල්වල සේවය කරන විදුහල්පතිවරයෙකු ඇතුළු පිරිසක් මෙම චෝදනාවට ලක්ව සිටින බවයි වාර්තාවන්නේ.

මෙම ප්‍රශ්න පත්‍රය අනුරාධපුර ,නොචිචියාගම, කොළඹ, ඇතුළු ප්‍රදේශ කිපයකට යවා තිබෙන බවද අනාවරණය වී තිබෙනවා.

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයෙන් ජයාරූප ගතකිරිමේ සිද්ධිය සනාථ කරමින් ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා දැක්වූ අදහස් :

“මෙවන විට විභාග කෙරෙහි ඇති විශ්වාසය බිදවැටිලා . මෙම පහ වසර ශිෂ්‍යත්වය විභාගයේ ප්‍රශ්න පත්‍රය පිට විම සමිබන්ධයෙන්  ඊට වග කිව යුතු  සියලු  දෙනාට නිතිය තදින් ක්‍රියාත්මක  කොට දැඩි දඩුවම් පැමිණවිමට බලධාරීන් නොපමාව කටයුතු කල යුතුයි”

RECENT ARTICLES - SINHALA

කෙහෙල්බද්දර පද්මේට හොර පාස්පෝට් හදලා

ආගමන විගමන පාලක ජනරාල්වරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් පත්‍ර ලබා ගැනීමේ සිද්ධියකට අදාළව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ,ආගමන විගමන පාලක ජනරාල්වරයා...

මැයි මාසයේ මුල් දින 21ට සංචාරකයින් අනූදහසක් ඇවිත්

මෙම මාසයේ මුල් දින 21 තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 90,000 ඉක්මවා ගොස් තිබෙනවා. සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ මේ මාසයේ මුල් දින 21 තුළ...

හෙට පැය 12ක ජල කප්පාදුවක්

කොළඹ නගරය ඇතුළු ප්‍රදේශ රැසකට පැය 12ක කාලයක් හෙට (25) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. අඹතලේ ජල පවිත්‍රාගාරයේ...

POPULAR ARTICLES