24 C
Colombo
Sunday, January 19, 2025

විගණනයේ පුටු බාගයට බාගයක් හිස්

- Advertisement -

රජයේ විගණන කාර්යාලයේ විගණන නිලධාරීන්ගෙන් සියයට පනහක් පමණ හිඟ වීම හේතුවෙන් විගණන විමර්ශනවලට බරපතළ බාධා මතුව ඇතැයි එහි ආරංචි මාර්ග පවසන බව ලංකාදීප පුවත්පත වාර්තා කරනවා.

ජාතික විගණන කාර්යාලයේ සිටිය යුතු විගණන නිලධාරීන් ප්‍රමාණය 1450 ක් වන දැනට මෙහි සිටින්නේ නිලධාරීන් හත්සීයක් පමණ බවයි පැවසෙන්නේ.

මේ සම්බන්ධයෙන් අප රජයේ විගණකාධිපති වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේ විගණන නිලධාරින්ගේ බරපතල හිඟයක් පවතින බව පිළිගන්නා බවයි.

විගණන නිලධාරීන් බඳවා ගැනීම සඳහා පැවැත්වූ විභාගයකින් 460 දෙනෙකු තේරී ඇති බවත් ඔවුන් වෙනුවෙන් සම්මුඛ පරීක්ෂණ ලබන මස 7- 8 පැවැත්වීමට නියමිත බවත් ඔහු ප්‍රකාශ කළා.

එම පිරිස බඳවා ගත් පසු බාධාකාරී තත්ත්වය නිමා වනු ඇතැයි ජාතික විගණන කාර්යාලයේ ප්‍රධානීන් පෙන්වා දෙනවා.

විගණන නිලධාරීන් ලොකු පිරිසක් පසුගිය කාලයේදී උසස්වීම් ලැබ ඇති අතර මෙම පුරප්පාඩු මතුවී ඇත්තේ ඉන් පසුව බව දැනගන්නට තිබෙනවා.

විගණන නිලධාරීන්ගේ හිඟය හේතුවෙන් බොහෝ විමර්ශන වලට නිලධාරීන් යොමු කිරීමේදී බරපතළ ගැටලු මතුවන බව එහි ආරංචි මාර්ග සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

කෙඳිරි ගෑවොත් දීපු හැටත් අයින් කරනවා – අනුර

ජනතාවට පොරොන්දු වූ අයුරින්ම දූෂිත දේශපාලනය මුලිනුපුටා දැමීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ අද (19) පැවති ජන හමුවකට...

මහින්ද කොළඹ ගෙදරින් දොට්ට වැටෙන ලකුණු

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිටින නිවස රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව ඔස්සේ තක්සේරු කළ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා පවසා සිටියේ එම නිවසෙහි තක්සේරුව...

මහ ගංවතුර තත්ත්වයක්; වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් රතු නිවේදන

නාච්චාදූව ජලාශයේ පිටවාන් දොරටු විවෘත කර ඇති බැවින් මේ වනවිට තත්පරයට ඝණ අඩි 3,700 ක් තරම් සීග්‍රතාවයකින් මල්වතු ඔයට ජලය පිටවාන් දැමීම සහ මල්වතු...

POPULAR ARTICLES