27 C
Colombo
Saturday, June 10, 2023

කොරෝනා මූලාශ්‍රය සෙවීමේ දෙවන අදියරේ පරීක්ෂණවලට සහය දෙන්නේ නැහැ – චීනය

- Advertisement -

කොවිඩ්19 වෛරසයේ මූලාශ්‍රය සෙවීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය දියත්කරන විමර්ශනයේ දෙවන අදියර සඳහා සහය නොදීමට චීන රජය තීරණය කර තිබෙනවා.

ඒ වූහාන් පර්යේෂණාගාරයකින් වෛරසය මුදා හැරුණු බව පර්යේෂණ යෝජනාවට ඇතුලත් වීම මුල්කරගනිමින්.

එරට ජාතික සෞඛ්‍ය කොමිසමේ නියෝජ්‍ය ප්‍රධානියා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවේ පර්යේෂණාගාරයකින් වෛරසය මුදා හැරුණු බව මෙම දෙවන අදියරේ අධ්‍යයනයේ අරමුණුවලට ඇතුලත්ව තිබීම චීන රජය ‘මවිත’ කරවූ බවයි.

ඇතැම් අංශවලින් ගත් කළ ලෝක සෞඛ්‍ය සංවධානයේ අධ්‍යයනය විද්‍යාත්මක නොවන බැවින් එවැනි සැලසුමකට එකඟ විය නොහැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පසුගියදා නිවේදනය කළේ කොවිඩ්19 වෙරසය පිළිබඳ නිල වශයෙන් ප්‍රකාශ කිරීමට පෙර වූහාන් පර්යේෂණාගාරයේ සේවකයින් කිහිප දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත වූ බවයි.

නමුත් මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ජාතික සෞඛ්‍ය කොමිසමේ නියෝජ්‍ය ප්‍රධානියා එම චෝදනා ප්‍රතික්ෂේප කළේ පර්යේෂණාගාරයේ කිසිවෙකුට හෝ කොරෝනා වෛරසය ආසාදිත නොවූ අවධාරණය කරමින්.

පසුගිය මාර්තු මාසයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය සිය අතුරු වාර්තාවක් මගින් සඳහන් කළේ කොවිඩ් වෛරසය සතෙකුගෙන් බිහි වූ බවයි.

කෙසේවෙතත් G 7 නායකයින් ඇතුලු බටහිර රටවල් ගණනාවක් මෙම වාර්තාවේ සම්පූර්ණත්වය සම්බන්ධයෙන් ප්‍රශ්න කළා.

කොවිඩ් 19 වසංගතයේ ආරම්භය සම්බන්ධයෙන් අධ්‍යයනය කරන ලෙස ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ද පසුගියදා එර⁣⁣ට බුද්ධි අංශ වෙත උපදෙස් ලබා දුන්නා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියාද පසුගියදා චීනයෙන් ඉල්ලා සිටියේ වෛරසයේ ආරම්භය පිලිබද සිදුකෙරෙන විමර්ශන සඳහා පූර්ණ සහයෝගය ලබා දෙන ලෙසයි.

RECENT ARTICLES - SINHALA

ජංගම දුරකථන සහ උපාංග වල මිල 20% කින් අඩු වන ලකුණු?

ජංගම දුරකථන සහ උපාංග වල මිල සියයට 20 කින් පමණ අඩු කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන සහ...

කිරින්ද වෙරළේදී තරුණියන් දෙදෙනෙකු රළ පහරට හසුවෙයි

කිරින්ද විහාරය ආසන්නයේදී මුහුදු රළ පහරට හසුවීමෙන් තරුණියක් අතුරුදහන්ව තවත් තරුණියක් මියගොස් තිබෙනවා. අද (09) උදෑසන කාලයේදී තරුණියන් තිදෙනෙකු...

විදේශගත ශ්‍රමිකයින්ගෙන් ඩොලර් මිලියන 480 ක්

මැයි මාසයේදී විදේශගත ශ්‍රමිකයන් මෙරටට ඩොලර් මිලියන 480 කට වැඩි මුදල් ප්‍රමාණයක් එවා ඇති බව කම්කරු හා විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

RECENT ARTICLES - ENGLISH

Consideration of ‘Casino Bill’ postponed until regulatory authority established

0
Consideration of Betting and Gaming Taxes (Amendment) Bill postponed until timeline for establishing regulatory authority is worked out, the Committee on Public...

Ajith Prasanna sentenced another six months RI

0
Major (Retired) Ajith Prasanna has been sentenced to six months of rigorous imprisonment by the Court of Appeal. This...

Danushka Gunathilaka to stand trial accused of raping woman in Sydney

0
Cricketer Danushka Gunathilaka will stand trial accused of raping a woman while in Sydney for the T20 World Cup.