31 C
Colombo
Wednesday, March 29, 2023

උසස්පෙළ විභාගය කල්යන බව විභාග කොමසාරිස් කියද්දී කල් නොයන බව අධ්‍යාපන ලේකම් කියයි

- Advertisement -

අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගය සහ ශිෂ්‍යත්ව විභාගය කල්දැමීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසනවා.

කුමන බාධා පැවතියද අමාත්‍යංශය උත්සාහ කරන්නේ විභාග නියමිත කාලයේදී පැවැත්වීම බවත්, ඒ අනුව අගෝස්තු මාසයේදී සුපුරුදු පරිදි උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග පැවැත්වීමට නියමිත බවත් ලේකම්වරයා පවසනවා.

කෙසේ නමුත් විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා අද (14) මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ අගෝස්තු මාසයේදී උසස් පෙළ විභාගය සහ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමේ හැකියාවක් නොමැති බවයි. මේ සම්බන්ධයෙන් අධ්‍යාපනය අමාත්‍යංශය සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සමග සාකච්ඡා කළ බවද ඔහු පවසා තිබුණා.

අධ්‍යාපන ලේකම්වරයා පවසන්නේ සනත් පූජිත මහතා මහා ඉතා බැරෑරුම් වගකීම් රැසක් හිසමත තබාගෙන කටයුතු කරන බැවින් මාධ්‍ය විමසන ප්‍රශ්නවලට ප්‍රතිචාර දැක්වීමේදී යම් අතපසුවීමක් සිදුවන්නට ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

මිනිස් ඝාතනයට තැත් කිරීමේ වරදට ජීවිතාන්තය දක්වා  සිරදඬුවම් 

බෝම්බයක් පුපුරුවා හැර මිනිස් ඝාතන සිදුකිරීමට තැත් කිරීමේ චෝදනාවට වරදකරුවූ චූදිතයෙකුට කොළඹ මහාධිකරණය අද (29) ජීවිතාන්තය දක්වා බරපතළ වැඩසහිත සිරදඬුවම් නියම කළා.

විද්‍යුත් මෝටර් රථ පමණක් ආනයනයට රජය තීරණය කරයි

ඉදිරියේදී අවසර හිමිවන සෑම අවස්ථාවකම මෙරටට විද්‍යුත් මෝටර් රථ පමණක් ආනයනය කිරීමට රජය තීන්දුවක් ගෙන ඇති බව විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර...

BREAKING – බස් ගාස්තු අඩු වෙන්නේ මෙහෙමයි

0
බස් ගාස්තු හෙට (30) මධ්‍යම රාත්‍රියෙන් අඩු කෙරෙන බව වැඩබලන ප්‍රවාහන අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කරන්නේ...

RECENT ARTICLES - ENGLISH

Breaking: Fuel prices reduced

0
The price of a litre of Octane 92 Petrol is reduced by Rs 60 from midnight today. Litre of...

Sangeeth Nipun Sanath Nandasiri passed away

0
Sangeeth Nipun Sanath Nandasiri who was ill for a prolonged period, passed away at his residence today (28) at age of 81.

MR predicts LG Election date

0
Former PM Mahinda Rajapaksa today said Local Government Election 2023 will be held before December this year. Speaking to...