25 C
Colombo
Saturday, May 24, 2025

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම්වරයා ඉල්ලා අස්වෙයි

- Advertisement -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම්වරයා ලෙස කටයුතු කළ පාර්ලිමේන්තුවේ හිටපු මහලේකම් ධම්මික දසනායක මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

පෞද්ගලික හේතුවක් මත එළඹෙන 15 වනදා සිට තමා ලේකම් ධුරයෙන් ඉවත් වෙන බව ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත දැනුම්දී ඇති බව සඳහන් වනවා.

ඒ් අනුව, ඔහුගේ ඉල්ලා අස්වීම එම සභාව පිළිගෙන ඇති බවද වාර්තා වනවා.

පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා ලෙස කටයුතු කළ ධම්මික දසනායක මහතා 2023 වසරේ මැයි 25 වනදා එම ධුරයෙන් විශ්‍රාම ලැබුවා.

කෙසේ වෙතත් පසුව ඔහු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධුරයට එම වර්ෂයේදීම පත් කෙරුණා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් තනතුර වෙනුවෙන් ඔහුට රුපියල් ලක්ෂ 5ක පමණ දීමනාවක්, නිල රථයක් සහ අනෙකුත් පහසුකම් ද හිමිවුණා.

RECENT ARTICLES - SINHALA

බිංගිරිය විද්‍යා පීඨයේ සිසුවියක් සියදිවි හානිකරගෙන

බිංගිරිය, වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සිසුවියක ඊයේ (23) පස්වරුවේ සියදිවි හානිකරගෙන ඇති බව පොලිසිය පවසනවා. වයස අවුරුදු 23ක් වූ දෙවන වසරේ ශිෂ්‍යාවක් මෙලෙස සියදිවි...

උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් ගැන රජයෙන් තීරණයක්

උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් පවරා ගැනීමේ කිසිදු අරමුණක් රජයට නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ඇය පවසන්නේ, රජයේ අරමුණ ඉඩම් අයිතිය ඇති ජනතාවට...

සජබේ අවුලක්: තවත් තුනක් ඉල්ලා අස්වෙලා

ජාතික සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් තිදෙනෙකු අද (24) සිට සිය ආසන සංවිධායක ධූරවලින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. මෙසේ ආසන සංවිධායක ධූරවලින්...

POPULAR ARTICLES

දසුන් ශානක යළි විස්සයි විස්ස සංචිතයට

ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමට නැවතත් දසුන් ශානක කැඳවීමට සූදානමක් පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සාමාජික උපුල් තරංග පවසනවා.  ඩේලී එෆ්.ටී පුවත්පත වෙත...