30.6 C
Colombo
Sunday, July 13, 2025

සොරකමේ ඇවිත් ආරක්ෂයාටත් පිහියෙන් ඇනලා

- Advertisement -

රත්මලාන දුම්රිය අංගනයට සොරකමේ පැමිණි සැකකරුවකු එල්ල කළ පිහිපහරකින් දුම්රිය ආරක්ෂක අංශයේ උප පරීක්ෂකවරයකු තුවාල ලබා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව දුම්රිය ආරක්ෂක අංශය පවසනවා.

ආරක්ෂක අංශයේ උප පරීක්ෂකවරයාගේ අතට තුවාල සිදුවී ඇති බව වාර්තා වනවා.

දුම්රිය අංඟනයට පැන SCREW COUPLING එකක් සොරා ගෙනයාමට තැත් කළ සැකකරුවන් දෙදෙනා දුම්රිය ආරක්ෂක අංශය අත්අඩංගුවට ගෙන ගල්කිස්ස පොලිස ස්ථානයට බාරදී තිබෙනවා.

සිද්ධිය වූ දින සැකකරුවන් දුම්රිය අංගනයේ තාප්පයෙන් පැන කර්මාන්ත කලාපයට ඇතුළු වී ඇති අතර, වරින් වර සිදුවන සොරකම් සම්බන්ධයෙන් ආරක්ෂක අංශය නිරන්තරයෙන් සෙවිල්ලෙන් පසු වී තිබුණා.

සිද්ධිය වූ දින සැකකරුවන් දෙදෙනා පුරුදු පරිදි දුම්රිය අංගනයට ඇතුළු වී ඇති අතර, සැකකරුවන් සොරකම සිදුකර පලායෑමට දැරූ උත්සාහය නවතලමින් උප පරික්ෂකවරයා සැකකරුගේ කකුලෙන් අල්ලාගෙන සිට තිබෙනවා.

එම අවස්ථාවේදී කකුල අල්ලාගෙන සිටීම වළකාලීමට සැකකරු විසින් තුවාලකරුගේ අතට පිහි ප්‍රහාරයක් එල්ල කරලා තියෙනවා.

RECENT ARTICLES - SINHALA

පියුමිගෙ පුතාට ඇප දීලා

අත්අඩංගුවට ගත් පියුමි හංසමාලිගේ පුත්‍රයා ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැර තිබෙනවා. ඒ අද (13) වැඩබලන අතිරේක මහේස්ත්‍රාත් අංක 07 වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.  රාජගිරිය...

ලංකාව සහ චීනය සහයෝගීතාව තර කරගැනීමට එකඟතා

මැලේසියාවේ පැවැති විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම්වලට සමගාමීව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා අතර...

අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්න ඕන – හරිනි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සිදුකිරීමේදී දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙන් ගුරු විදුහල්පති ස්ථාන මාරු නිසි පරිදි සිදු විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි...

POPULAR ARTICLES