චීනය විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද ඩීසල් ලීටර් මිලියන 10.6ක් රැගත් Super Eastern නෞකාව අද (26) කොළඹ වරායට පැමිණ තිබෙනවා.
නෞකාවේ සාම්පල පරීක්ෂාවකින් අනතුරුව ගොඩබෑම් ආරම්භ කරන බවයි මෙරට චීන තානාපති කාර්යාලය සඳහන් කළේ.
මෙරට පීඩාවට පත් ගොවින් සහ ධිවරයින් වෙනුවෙන් මෙම නෞකාවේ ඇතුළත් ඩීසල් ලබාදීමට නියමිතයි.