27.8 C
Colombo
Monday, December 2, 2024

සපත්තු පාලම කැඩී 6200ක් කොටුවෙලා

- Advertisement -

වවුනියාව – පදවිය මාර්ගයේ කබ්බිලිවැව ප්‍රදේශයේ සපත්තු පාලමක් කැඩීම නිසා බෝගස්වැව ඇතුලු ගම්මාන රැසක වැසියන් 6,200ක් පමණ කොටු වී සිටි බවට වාර්තාවනවා.

නාවික හමුදාව එම වැසියන්ව ආරක්ෂිත ප්‍රදේශ කරා රැගෙන යාමේ කටයුතු අද (30) සිට ආරම්භ කර තිබෙනවා.

කම්බිලිවැව සපත්තු පාලම කැඩීමෙන් පසුව ඒ හරහා ගමන් කළ ජලයෙන් කුඩා වැව් කීපයක් පිරී ඉතිරී වාන් දැමීමට පටන් ගැනීමත්, තවත් කුඩා වැවක වැව් කණ්ඩිය කැඩී ජලය ගලා ඒමට පටන් ගැනීමත් සමගම වැලිඔය, බෝගස්වැව කොහොඹගස්කඩ කෝන්වැව කොහොඹවැව ආදී ගම්මානවල විශාල පිරිසක් ඒ ඒ ගම්මානවලට කොටු වී සිටින බවද වාර්තා වුණා.

එහිදී වැසියන්ට අවශ්‍ය ද්‍රව්‍ය සොයා සපයා ගැනීමට නොහැකි නිසාත් සහනාධාර ප්‍රවාහනය කිරීම ඉතා දුෂ්කර වී ඇති නිසාත් නාවික හමුදාව බෝට්ටු කීපයක් යොදා ගෙන එම ගම්මාන වලට කොටු වී සිටින 6,200කට ආසන්න ජනතාව වෙනත් ආරක්ෂිත ප්‍රදේශ කරා රැගෙන යාම සිදුකෙරෙමින් පවතිනවා.

ගම්වාසීන් පවසන්නේ, මෙම සපත්තු පාලම ඉතා අබලන් නිසා වසර විස්සක පමණ සිට එම ස්ථානයට පාලමක් ඉදිකොට දෙන ලෙස කරණ ලද ඉල්ලීම් මෙතෙක් ඉටු නොවීම නිසා සෑම වර්ෂයකම වැසි කාලයටම ගම්වාසීන් මේ ආකාරයට පීඩා විඳින බවයි.

RECENT ARTICLES - SINHALA

ජනපති සහල් මෝල් හිමියන් සමග විශේෂ සාකච්ඡාවක් තියලා

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් අද (02) පවත්වා තිබෙනවා. ඉදිරි මාසවලදී සහල්...

වට්ස්ඇප් ගිණුමක් තියනවද?මේ ගැනත් සැළකිලිමත් වන්න

වර්ථමානයේ වට්ස්ඇප් ජාලය හරහා විවිධ අකටයුතුකම් සිදුව ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ ප්‍රධාන තොරතුරු ආරක්ෂණ නිලධාරී නිරෝෂ් ආනන්ද මහතා පවසනවා. ඔහු පැවසුවේ...

චිත්‍රසිරි කමිටුවේ වාර්තාව ජනපතිට

මන්ත්‍රීවරුන්, අමාත්‍යවරුන් හා හිටපු ජනාධිපතිවරුන්ට ලබාදෙන දීමනා හා වරප්‍රසාද පිළිබඳ නැවත සලකා බැලීමට පත්කළ කේ. ටී. චිත්‍රසිරි කමිටුවේ වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

POPULAR ARTICLES