27 C
Colombo
Wednesday, April 17, 2024

ලබන වසරේ ජුලි මාසයේ සිට රටම අඳුරු වෙන ලකුණු?

- Advertisement -

එළඹෙන වසරේ අප්‍රේල් 15ට පෙර ප්‍රමාණවත් ගල් අඟුරු නොලැබුණහොත් ඉතිහාසයේ මෙතෙක් සිදුවූ දීර්ඝතම විදුලි කප්පාදුවට මෙරට ලක්විය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අනතුරු අඟවනවා.

කොළඹ අද (28) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා කියා සිටියේ මේ වන විට ගල් අඟුරු මෙට්‍රික් ටොන් 60000ක් රැගත් නෞකා 38ක් රටට අවශ්‍ය වුවත් මේ දක්වා මෙරටට පැමිණ ඇත්තේ නැව් 4ක් පමණක් බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, “වාරකන් කාලය 2022 සැප්තැම්බර් අවසන් වුණා. එතන ඉඳලා 2022 ඉතිරි මාස දෙක සහ 2023 අප්‍රේල් දක්වා විදුලි ජනනය සඳහා අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 60000ක්. ඒ කියන්නේ නැව් 38ක්. එත් මේ වෙනකොට ඇවිත් තියෙන්නේ නැව් 4යි. පස්වෙනි නැවේ කිසියම් ප්‍රශ්ණයක් නිසා ප්‍රමාදයක් වෙනවලු. මේ නැව් 38 ලබා ගන්නේ නැත්නම් අප්‍රේල් 15 වෙද්දී අපිට පැහැදිලිව කියන්න පුළුවන් ජුලි, අගෝස්තු, සැප්තැම්බර් වෙනකොට ලොකු විදුලි කප්පාදුවක් වෙනවා කියන එක. ඒක සමහරවිට ඉතිහාසයේ දරුණුම විදුලි කප්පාදුව වෙන්න පුළුවන්. ඒකයි අපි 2023 කළුවර ජූලියක් වෙන්න පුළුවන් කියන එක. තවත් නැව් 20ක් ඇනවුම් කරලා එකෙන් ඇවිත් තියෙන්නේ නැව් 4යි. තව නැව් 16ක් තියෙනවා. පුළුවන් තරම් ඉක්මණට ඒවා ඇනවුම් කරන්න ඕන. රටේ අවශ්‍යතාවයෙන් ලක්විජය බලාගාරය විදුලිය ලබාදෙන්නේ 45%ක ප්‍රමාණයක්. ගල් අඟුරු නොලැබුණහොත් වෙනත් තාප විදුලි බලාගාරවලින් විදුලිය මිලදී ගන්න වෙනවා. ඒකට ලොකු වියදමක් දරන්න වේවි. ලංකා විදුලි බල මණ්ඩලය විදියට අපේ අපේක්ෂාව අඩු මුදලින් විදුලිය නිපදවා ගන්න. එහෙම බැරි උනොත් පැහැදිලි විදුලි විසන්ධියකට යන්න වෙනවා. හැබැයි ඒ වගේ වෙලාවක හදිසි විදුලිය මිලදී ගැනීම් කරන්න බැහැ”.

RECENT ARTICLES - SINHALA

අධ්‍යාපන ඇමති සුසිල් චිකාගෝ ගිහින්

ඇමරිකාවේ සංචාරයක නිරත අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා චිකාගෝහි පිහිටි ඉලිනොයිස් සරසවියේ නිරීක්ෂණ චාරිකාවකට එක්ව තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ එහිදී එම සරසවියේ සෞඛ්‍ය සහ...

කොත්තු රොටියට රු 1900ක් ඉල්ලූ කෑම කඩේ මුදලාලි අත්අඩංගුවට

කොළඹ Street Food අලෙවි සැලකදී රුපියල් 1,900කට කොත්තු රොටියක් අලෙවි කිරීම සහ එය ප්‍රතික්ෂේප කිරීමේදී විදේශිකයෙකුට අඩත්තේට්ටම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙක් පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ආහාර...

සර්වෝදය නිර්මාතෘ ඒ.ටී. ආරියරත්න අභාවප්‍රාප්ත වෙයි

සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘ, ආචාර්ය ඒ. ටී. ආරියරත්න මහතා අද (16) පස්වරුවේ කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වී තිබෙනවා මියයන විට ඒ මහතා 92 වැනි වියේ පසුවුණා. 1931...

POPULAR ARTICLES

‘ඔකපතන’ විදුහලට වැඩ වරදියි

අවුරුදු ගීතයක් විකෘති කර, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කිරීම පිළිබඳව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ උපදෙස් මත...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

ප්‍රතිප්‍රහාර එපා, ඉරානය යළිත් අනතුරු අඟවයි

මැද පෙරදිග යුද ගැටුම් තවදුරටත් තීව්‍ර කරමින් ඉරානය විසින් ඊයේ (13) රාත්‍රියේදී ඊශ්‍රායලය වෙත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර මාලාවක් දියත් කර තිබුණා. මේ අතර මෙම...