ඉදිරි මාස 6ක කාලය සඳහා ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධති සහ සාර්ව ආර්ථික ස්ථායිතාව සඳහා වන ක්‍රියාකාරී සැලැස්ම හෙට එළි එළිදැක්වීමට නියමිතයි.
නව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් එය ඉදිරිපත් කරනු ඇති.
මෙරට ආර්ථිකයේ සියලු ක්ෂේත්‍ර ආවරණය වන පරිදි මෙම ක්‍රියාකාරී සැලැස්ම සකස් කර ඇති බව සඳහන්.
විශේෂයෙන්ම මේ වන විට ක්‍රියාත්මක ආනයනය සීමාවන් වෙනස් කීරීමක් මෙම ක්‍රියාකාරී සැලැස්මට ඇතුළත් වනු ඇති බවට ආර්ථික විශ්ලේෂකයින් පුරොකතනය කර තිබෙනවා.