29 C
Colombo
Thursday, July 17, 2025

පුංචි ඡන්දේ 25 වැනිදා තියන්නෙත් නැහැ

- Advertisement -

පළාත් පාලන මැතිවරණය එළඹෙන 25 වනදාද නොපැවැත්වෙනු ඇති බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා.

අග්‍රාමාත්‍යවරයා සහ මැතිවරණ කොමිසම අතර පැවති විශේෂ හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා,

“මැතිවරණ කොමිසමත් එක්ක සුහද සාකච්ඡාවක් පැවැත්වූවා ඉදිරි කටයුතු සම්බන්ධව. අප්‍රේල් මස 25 වනදා දක්වාත් ඉන් අනතුරුවත් මැතිවරණයට ඉදිරිපත් වූ රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවන ආකාරය සාකච්ඡා කළා. මැතිවරණ කොමිසමෙන් නිර්දේශයක් එවනවා කිව්වා, අනතුරුව එම නිලධාරීන් ඡන්දයට ඉදිරිපත් වන කොට්ඨාසයෙන් පිටත ස්ථානයකට පත්කරලා වැටුප් ගෙවන්න කටයුතු කරනවා. එසේම මැතිවරණ කොමිසම වෙනුවෙන් නීතිපතිවරයා පෙනී නොසිටීම පිළිබඳවද එහිදී සාකච්ඡාවට ලක්කළා. එසේම මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරලා මැතිවරණ කොමිසමේ ඉල්ලීම්වලට සාධාරණයක් කරන්න අගමැතිතුමා කටයුතු කරනවා කිව්වා. “

“මැතිවරණ කොමිසම ඉදිරියේදී මුදල් අමාත්‍යාංශය සමඟ වෙනම සාකච්ඡාවක් පවත්වයි. ඊට පස්සේ ඒ ගොල්ලෝ කියයි. කොහොමත් දැන් තියෙන තත්ත්වය අනුව අප්‍රේල් 25 වනදා ට ඡන්දයක් තියන්න අමාරුයි. ඕන එක්කෙනෙකුට ඒක පේනවා, තැපැල් ඡන්දය තිබ්බේ නැතිනිසා, එතුමන්ලා අප්‍රේල් 25ට ඉස්සරවෙලා ඉදිරිය ගැන යම්කිසි ප්‍රකාශයක් කරයි.”

RECENT ARTICLES - SINHALA

කෙහෙළිය ඇතුළු පවුලේ සාමාජිකයින්ට අධිචෝදනා භාර දීලා

අයථා ලෙස වත්කම් උපයා ගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තුන් දෙනා සහ බෑණාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අද...

හම්බන්තොට කුරුළු උද්‍යානයේ හිමිකරු අත්අඩංගුවට

හම්බන්තොට කුරුළු උද්‍යානයේ හිමිකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මරදාන පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනුණු සැකකරු අද (17) දිනයේ හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය වෙත...

සජිත්ගේ නිවාස අක්‍රමිකතා විමර්ශන කාර්යාංශයට

සජිත් ප්‍රේමදාස මහතා අමාත්‍යධුරය දැරූ 2015 - 2019 කාලසීමාවේ නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කළ නිවාස ව්‍යාපෘති වලට අදාළව සිදුව ඇතැයි කියන අක්‍රමිකතා ගැන...

POPULAR ARTICLES