25 C
Colombo
Friday, January 17, 2025

පුංචි ඡන්දයේ සංශෝධිත පනත් කෙටුම්පත මැති සබයට

- Advertisement -

පළාත් පාලන මැතිවරණ සංශෝධිත පනත් කෙටුම්පත ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.

අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා සඳහන් කළේ , මේ වනවිට පනත් කෙටුම්පත ගැසට් මගින් ප්‍රකාශයට පත් කර ඇති බවයි.

පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය ඉදිරියේදී අභියෝගයකට ලක් නොකළහොත් එය මේ මාසයේදි ම සම්මත කරගැනිමට හැකියාව ලැබෙන බව ඔහු ප්‍රකාශ කළා.

ඉන් අනතුරුව සාමාන්‍ය පෙළ විභාගයටද බාධාවක් නොවන පරිදි අප්‍රේල් මාසයට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට රජය සැලසුම් කර තිබෙනවා.

2023 වසරේ ප්‍රකාශයට පත් කළ පළාත් පාලන මැතිවරණය පැවැත්විමට නොහැකිවූයේ ඒ සඳහා මහා භාණ්ඩාගාරයෙන් මූල්‍ය ප්‍රතිපාදන නිසි පරිදි ලබා නොදීම ‍හේතුවෙන්.

ඒ අනුව නවක ඡන්ද දායකයින්ටද අවස්ථාව සලසා දීමේ අරමුණින් මැතිවරණය සඳහා භාරදුන් නාම යෝජනා අවලංගු කිරීමට පසුගියදා කැබිනට් මණ්ඩලය තීරණය කළා.

RECENT ARTICLES - SINHALA

නොච්චියාගම අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙක් මරුට

නොච්චියාගම ගාලදිවුල්වැව ප්‍රදේශයේ අද (16) පස්වරුවේ සිදු වූ අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව පොලිසිය පවසනවා. පොලිසිය...

Breaking: එක ගෙයි කන්න සාකච්ඡා

එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කිරීම සඳහා සාකච්ඡා කිරීමේ යෝජනාවට සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මෙම සාකච්ඡා සඳහා සමගි...

එකතුවෙනවා නම් වෙන්න ඕන හදවතින්

එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එකතු වීම අවශ්‍යම දෙයක් වුවත් එය සිදුවිය යුත්තේ දෙපාර්ශවයේම ගෞරවය ආරක්ෂා වන පරිදි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ...

POPULAR ARTICLES