මෙවර ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් උද්ගතවූ ගැටලුවට වඩාත් සුදුසුම විකල්පය වන්නේ විභාගය පැවැත්වීමට පෙර සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම බව නිර්දේශ කර තිබෙනවා.
මතභේදයට තුඩු දුන් මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යළි පවත්වන්නේද ? නැද්ද ? යන්න තීරණය කිරීම සඳහා 07 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කිරීමට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය ගේ උපදෙස් මත අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන තිබුණා.
ඒ අනුව එම කමිටුව විසින් නිර්දේශ කර ඇත්තේ විභාගය නැවත පැවැත්වීම අවුරුදු 10ක පමණ වයසේ පසුවන දරුවන්ගේ මානසික මට්ටමට දැඩි බලපෑමක් හා පීඩාවක් ඇති කරන බවත්, දරුවන් සියලු දෙනාට සාධාරණයක් ඉටු කිරීම අත්‍යාවශ්‍ය බවත්ය.
එහිදී වඩාත් සුදුසුම විකල්පය ලෙස විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බවත් එම විද්වත් කමිටුව විසින් නිර්දේශ කර තිබෙන බව පැවසෙනවා.