32 C
Colombo
Tuesday, February 18, 2025

තාත්තගේ වාර්තාව බිඳපු පුතා

- Advertisement -

එංගලන්ත ලයන්ස් කණ්ඩායම (එංගලන්ත ඒ) වෙනුවෙන් ශතකයක් රැස්කළ ළාබාලතම පිතිකරුවා බවට පත්වීමට රොකී ෆ්ලින්ටොෆ්ට ඊයේ (23) හැකිව තිබෙනවා.

එංගලන්තයෙන් බිහිවූ හිටපු විශිෂ්ට තුන්ඉරියව් ක්‍රීඩකයෙකුවන ඇන්ඩෘෘ ෆ්ලින්ටොෆ්ගේ පුත්‍රයා වන රොකී, මෙම සුවිශේෂී කඩඉම සම්පූර්ණ කරන විට ඔහුගේ වයස අවුරුදු 16යි දින 291ක්.

මේ දිනවල ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිතරව සිටින එංගලන්ත ලයන්ස් කණ්ඩායම, Cricket Australia XI කණ්ඩායමට එරෙහිව ක්‍රීඩාකළ තරගයේදී පන්දු 127කට මුහුණදෙමින් ලකුණු 108ක් රැස්කර මෙම වාර්තාගත ශතක ඉනිම ගොඩනැගීමට රොකී සමත් වුණා.

රොකීගේ මෙම ශතක ඉනිමේ ඇති වඩාත් සුවිශේෂී කරුණ වන්නේ, ඔහු විසින් බිඳලනු ලැබුවේ වසර 27කට පෙර ඔහුගේ පියා වන ඇන්ඩෘ ෆ්ලින්ටොෆ් විසින් පිහිටුවා තිබූ වාර්තාවක් වීමයි.

රොකීට පෙර එංගලන්ත ලයන්ස් කණ්ඩායම වෙනුවෙන් ශතයක් රැස්කර සිටි ළාබාලම පිතිකරුවා වී සිටියේ ඔහුගේ ඇන්ඩෘ ෆ්ලින්ටොෆ්ය.

ඔහු 1998 වසරේ නයිරෝබිහිදී කෙන්යාවට එරෙහිව පැවති තරගයකදී සිය පළමු පළමුපෙළ ශතකය රැස්කරන විට ඔහුගේ වයස වී තිබුණේ අවුරුදු 20යි දින 28ක්.

RECENT ARTICLES - SINHALA

වියළි කාලගුණික තත්ත්වයෙන් ජල සැපයුමට බාධා

පවතින කාලගුණික තත්ත්වය හමුවේ ජල සැපයුමට බාධා ඇති වීම සම්බන්ධයෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මේ දිනවල දිවයිනේ පවතින අධික...

හිටපු ඇමති ප්‍රියංකරට අධිචෝදනා

හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා බාරදී තිබෙනවා. ඔහු සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ රුපියල් 494000/- ක...

කෙහෙළියට එරෙහි නඩුවක සාක්ෂි විභාගය පටන් අරන්

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති හින්කෙන්ද යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව අද...

POPULAR ARTICLES