31 C
Colombo
Thursday, April 18, 2024

අලුත් අධිවේගී මාර්ගයට යොහානි කියපු සිංදුව

- Advertisement -

අලුතින් ඉදි කරන ලද මධ්‍යම අධිවේගී මාර්ගය වෙනුවෙන් ජනප්‍රිය තරුන ගායිකා යොහානි දිලෝකා ද සිල්වා විසින් ගීතයක් ගායනා කර තිබෙනවා.

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වන කොටස ජනතා අයිතියට පත් කෙරුණේ පසුගිය 15වැනිදායි.

ඒ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදීයි.

මධ්‍යම අධිවේග මාර්ගයේ දෙවන අදියරේ මිරිගම – කුරුණැගල දක්වා කොටස කිලෝමීටර් 40.91ක දුරින් යුක්ත වන අතර මේ සඳහා රුපියල් බිලියන 137ක් වැය වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, ඉන්දියාවේ පාලක පක්ෂය වන, භාරතීය ජනතා පක්ෂය (BJP) විසින් උත්තර් ප්‍රදේශ් මැතිවරණයේ දී සිය තේමා ගීතය ලෙස “මැණිකේ මගේ හිතේ” ගීතය පසුගියදා භාවිතා කළා. මැණිකේ මගේ හිතේ” සංගීතය මුල් කරගනිමින් එහි තනුවට සකසන ලද හින්දි පද රචනයක් එක්කරමින් ඔවුන් නව ගීතයක් නිර්මාණය කර ඇති අතර, මේ වනවිටත් එයට පක්ෂ විපක්ෂ පිරිස් දැඩි කැමැත්තක් දක්වන බවටයි ඉන්දීය මාධ්‍ය වාර්තාකර තිබුණේ.


RECENT ARTICLES - SINHALA

හමුදාව හැරගිය අයට පොදු සමා කාලයක්

නිවාඩු නොගෙන සේවයට වාර්තා නොකර සිටින යුද හමුදා සාමාජිකයන්ට හෙට (20) සිට ලබන මස 20 වැනිදා දක්වා යුද හමුදා සේවයෙන් නීත්‍යානුකූලව ඉවත්වීමට පොදු සමා...

දියේ ගිලී පාසල් සිසුවෙක් අතුරුදන්

කාස්ලරී ජලාශයේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා. මෙලෙස අතුරුදන්ව ඇත්තේ 17 හැවිරිදි වියේ පසුවූ කාසල්රී වතු යායේ පදිංචිව සිටි පාසල්...

ඇඹිලිපිටිය කඩදාසි කම්හල යළි වැඩ අරඹයි

ඇඹිලිපිටිය කඩදාසි කම්හල තුළ යළි මෙහෙයුම් කටයුතු ආරම්භ කර තිබෙනවා. සබරගමුව පළාත් ආණ්ඩුකාර නවීන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ මැති ඇමැතිවරු පිරිසකගේ සහභාගිත්වයෙන් අද (18) ඇඹිලිපිටිය...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්

උත්සව සමයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පූර්ණ කැපවීම හා දායකත්වය යටතේ රෝගී සත්කාරක සේවා කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පියවර ගෙන ඇති බව සෞඛ්‍ය...