31 C
Colombo
Tuesday, April 16, 2024

රනිල් රාජ්‍ය ලාංඡනය මගුල් ඇතා පිට පෙරහැරින් වඩම්මවයි (ඡායාරූප)

- Advertisement -

75 වැනි නිදහස් දිනයට සමගාමිව පවත්වනු ලබන ජනරජ පෙරහැර අද (19) පස්වරු ප.ව 6.30 ට වීදි සංචාරය කිරීම ආරම්භ කළා.

පෙරහර ගමන් ආරම්භ කරනු ලැබුවේ, මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ සිටයි.

මෙම ජනරජ පෙරහැර අලි ඇතුන් 35 දෙනෙකුගෙන් සහ නර්තන කණ්ඩායම් 45 කින් සමන්විත වුණා.

එහිදී රාජ්‍ය ලාංඡනය මංගල හස්තිරාජයා පිට වැඩම කරවා වීථි සංචාරය කරවීම විශේෂත්වයක්.

ජනරජ පෙරහැර හේතුවෙන් අද (19) පස්වරුවේ මහනුවර නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ද, ක්‍රියාත්මක වුණා.

පොලීසිය සඳහන් කළේ, පස්වරු 05 සිට පෙරහැර අවසන්වන තෙක් එම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක බවයි.

විදුලිබිල 66%කින් වැඩිකර ජනතාව මත දැඩි ආර්ථික බරක් පටවා ඇති මොහොතක මෙවන් අසිරිමත් පෙරහැරක් පැවැත්වීමද විශේෂත්වයක් වනවා.


RECENT ARTICLES - SINHALA

අනතුරට ලක්වූ දුම්රියේ රියදුරුට වැඩ වරදී

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පළමුවැනි වේදිකාවේ දුම්රියක් ගැටීමේ සිද්ධියට අදාළ දුම්රිය රියැදුරුගේ වැඩ තහනම් කර තිබෙනවා. දුම්රිය සාමාන්‍යාධිකාරි එච්.එම්.කේ. ඩබ්ලිව් බණ්ඩාර මහතා සඳහන් කළේ,...

ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර ගුවන් ගමන් යළිත්

ශ්‍රී ලංකාවේ සිට ඊශ්‍රායලයට පැමිණෙන ශ්‍රී ලාංකික ගුවන් මගීන්ට ගුවන් සේවා යළි ආරම්භ කළ බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසනවා. පසුගිය 13 වන...

වික්ටෝරියා ජලාශයට ජීවිත තුනක් බිලි

වික්ටෝරියා ජලාශයේ දියේ ගිලීමෙන් මියගිය යුවළ බේරාගැනීමට උත්සාහ කළ පුද්ගලයෙකුද ඊයේ (15) පස්වරුවේ දියේ ගිලී මියගොස් ඇති බව පොලීසිය පවසනවා. දිගන, කුඹුක්කඳුර ප්‍රදේශයෙන් වික්ටෝරියා ජලාශයේ...

POPULAR ARTICLES

‘ඔකපතන’ විදුහලට වැඩ වරදියි

අවුරුදු ගීතයක් විකෘති කර, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය කිරීම පිළිබඳව සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ උපදෙස් මත...

ප්‍රතිප්‍රහාර එපා, ඉරානය යළිත් අනතුරු අඟවයි

මැද පෙරදිග යුද ගැටුම් තවදුරටත් තීව්‍ර කරමින් ඉරානය විසින් ඊයේ (13) රාත්‍රියේදී ඊශ්‍රායලය වෙත ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර මාලාවක් දියත් කර තිබුණා. මේ අතර මෙම...

උසස් පෙළ ප්‍රතිඵල ගැන දනුම්දීමක්

පසුගිය උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන මාසය ඇතුළත නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ වනවිට ප්‍රතිඵල  ලේඛන නැවත පරීක්ෂා...