26.1 C
Colombo
Monday, July 21, 2025

බිලියන 202ක් කොටස් වෙළෙඳපොළට අහිමිවෙලා

- Advertisement -

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් අඛණ්ඩව සිව්වන දිනයටත් අද (18) වාර්තා වුණා.

එහිදී සියලු කොටස් මිල දර්ශකය දිනය තුළ දී ඒකක 210.51කින් පහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒකක 57.43කින් පහළ යන ලදී

ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 17,071.44ක් ලෙසත් S&P SL20 දර්ශක අගය ඒකක 5,094.31 ක් ලෙසත් සටහන්ව තිබුණා.

රු. බිලියන 3.89ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා වුවා.

හේලීස්, CT හෝල්ඩිංග්ස් සහ සම්පත්, DFCC හා  HNB යන බැංකු සමාගම්වල කොටස් මිල පහළ යාම් අද දින සියලු කොටස් මිල දර්ශකයේ කඩාවැටීමට බෙහෙවින් හේතුවී තිබුණු අතර සමාගම් 176 ක කොටස් මිල ගණන් අද දින පහළ ගොස් තිබුණා.

අද දින දේශීය මිල දී ගැනීම් රු. බිලියන 3.32ක් හා දේශීය විකිණුම් රු.බිලියන 3.37 ක් ලෙසින් වාර්තා වී තිබෙන අතර විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 573ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 522ක් ලෙසින් වාර්තා වී ඇත.

කොටස් වෙළෙඳපොළේ අද දින කඩා වැටීමත් සමඟම පසුගිය දින 04 තුළද සියලු කොටස් මිල දර්ශකයේ ඒකක 590ක පහළ යාමක් වාර්තා වන අතර වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය මෙම දින 04 තුළ රු. බිලියන 6,327.31 සිට රු. බිලියන 6,125.89ක් දක්වා රු. බිලියන 202කින් පහළ ගොස් තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ලෝක ටෙස්ට් ශූරතාවේ අවසන් තරඟ තුනක සත්කාරක රට මෙන්න

ලෝක ටෙස්ට් ශූරතාවේ එළැඹෙන අදියර (2027) ඇතුළුව 2029 සහ 2031 වර්ෂන්හි පැවැත්වෙන අවසන් මහා තරග සඳහා ද සත්කාරක රට ලෙස එංගලන්තය නම්කර තිබෙනවා. 2027 අදියරේ...

කොල්ලුපිටියේ සමාජ ශාලාවක දී වෙඩිතැබීමට ගත් උත්සහයක් ව්‍යර්ථ වෙයි

කොල්ලු‍පිටිය ප්‍රදේශයේ රාත්‍රී සමාජ ශාලාවක් තුළදී පාතාල කල්ලි සාමාජිකයෙකු ඉලක්ක කර වෙඩි තැබීම සඳහා පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකුට එම රාත්‍රී සමාජ ශාලාවේ ආරක්ෂකයින් පහර දී...

හොර පාස්පෝට් එකකින් රට පනින්න ගිය අයෙක් අත්අඩංගුවට

ව්‍යාජ ලෙස සකස් කළ බ්‍රිතාන්‍ය ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කරගනිමින් ජපානය, තුර්කිය හරහා යුරෝපය වෙත යාමට උත්සහ කළ ඉරාන ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී...

POPULAR ARTICLES