24 C
Colombo
Tuesday, March 21, 2023

චීන පොලිසියේ වධහිංසා හේතුවෙන් මියගිය 19 හැවිරිදි ටිබෙට් භික්ෂුවගේ කතාව

- Advertisement -

මේ ඡායාරෑපයේ සිටින ටෙන්සින් නියාමා 19 හැවිරිද ටිබෙට් ජාතික භික්ෂුවකි.
ජීවත් වූයේ චීනයේ සිචුවාන් ප්‍රාන්ත පරිපාලනය යටතේ පවතින නැගෙනහිර ටිබෙටයේ කර්දේස් හි වොන්පෝ නගරයේ පිහිටි දිසා ආශ්‍රමයේය.
2019 නොවැම්බර් මස 07 වනදා නියාමා භික්ෂුව ඇතුලු තරුණ භික්ෂූන් වහන්සේලා සිව්නමක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ වොන්පෝ නගරයේ පොලිස් ස්ථානය ඉදිරිපිටදී චීන බලධාරීන්ගේ බලහත්කාරී පාලනයට විරෝධය පළකරමින් සාමකාමී උද්ඝෝෂණයක නිරත වෙමින් සිටියදීය.
2020 වසරේ මැයි මාසයේදී එතෙක් පොලිසිය මගින් අත්අඩංගුවේ රදවාගෙන සිටි නියාමා භික්ෂුව නිදහස් කරනු ලැබුවද යළිත් 2020 අගෝස්තු මස 11 වනදා යළි අත්අඩංගුවට ගනු ලැබිණ.
එහිදී එල්ල කෙරුණු චෝදනාව වූයේ පොලිසියේ අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම් පිළිබද විදේශගත ටිබෙට් ප්‍රජාව සමග තොරතුරැ හුවමාරු කර ගැනීමය.
මේ ආකාරයට නියාමා භික්ෂුව මාස දෙකකට අධික කාලයක් පොලිස් අත්අඩංගුවේ රදවාගෙන සිටි අතර පසුගිය ඔක්තෝබර් මාසයේ චීන පොලිස් බලධාරීන් ඥාතීන්ට දැනුම් දී තිබුණේ ඔහු හදිසියේ අසනීප වී ඇති බවයි.
කෝමා තත්ත්වයට පත්ව සිටි නියාමා භික්ෂුව රෝහල් ගත කරන්නට ඥාතීන් කටයුතු කළද ඔහුගේ ජීවිතය බේරා ගැනීමට හැකි වූයේ නැත.
පසුව අනාවරණය වූයේ අත්අඩංගුවේ සිටියදී චීන පොලිස් නිලධාරීන් විසින් වධහිංසාවට ලක්කිරීම මෙම මරණයට හේතුව බවයි.
අන්තර්ජාතික මානව හිමිකම් සංවිධාන රැසක් මේ පිළිබද සිය විරෝධය පළකර ඇති අතර හියුමන් රයිට්ස් වොච් සංවිධානයට අනුව මේ සදහා චීන රජය සම්පූර්ණයෙන්ම වගකිය යුතු බව ඔවුන් සදහන් කර ඇත.
චීනයේ සිදුවන මෙවැනි මානව හිමිකම් කඩවීම් වැළැක්වීම අත්‍යාවශය බවද එම සංවිධානය අවධාරණය කර තිබේ.

RECENT ARTICLES - SINHALA

කැබිනට් රැස්වීමේ දී ගත් විශේෂ තීන්දුව

0
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටු අනුමැතිය ලැබුණු වහාම ඒ පිළිබඳව වන පොරොන්දු පත්‍රයට සහ...

BREAKING – IMF ණය පහසුකම අනුමත වෙයි

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර...

පුෂ්පිකාට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ දිනයේදී තමාට සුළු තුවාල සිදුකළැයි කියන සිද්ධියට අදාළ පැමිණීලිකාරිය වන පුෂ්පිකා ද සිල්වා මහත්මියට ලබන ජුනි...

RECENT ARTICLES - ENGLISH

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.

BREAKING – Unit 3 of Norochcholai power plant breakdown again

0
Unit 3 of the Norochcholai Coal Power Plant has experienced a breakdown, Minister of Power and Energy Kanchana Wijesekera said.