33 C
Colombo
Friday, April 19, 2024

මුළු භාරතයම නියෝජනය කරන කාශ්මීරියානුවෙකුගේ කතාව

- Advertisement -

පසුගිය නොවැම්බර් මාසයේදී ඉන්දියාව යටතේ පාලනය වන ජම්මු – කාශ්මීර් ප්‍රදේශයෙන් හමා ආ සීත සුළං ධාරාවන්වල ඉන්දීය ක්‍රීඩා වංශකතාවේ නවමු පරිච්ඡේදයක ඇරඹුමක් පිළිබඳ කතාව ලියැවී තිබුණා.

ඒ 31 හැවිරිදි කාශ්මීරයේ බැරමුල්ලා දිස්ත්‍රික්කයේ උපත ලැබූ මොහොමඩ් අරීෆ් ඛාන් , බීජිං 2022 ශීත ඔලිම්පික් උළෙල සදහා සුදුසුකම් ලැබූ එකම ඉන්දියානුවා වෙමින් ස්ලාලෝම් ඉසව්වෙන් (Slalom) ඔලිම්පික් පරිසාධන මට්ටම ඉක්මවා යෑමත් සමඟයි.

ඉන් මාසයකට පසු අරීෆ් ඛාන් ප්‍රමුඛ සමස්ත ඉන්දියානුවන් තවදුරටත් අමන්දානන්දයට පත් වුණේ මොන්ටිනිග්‍රෝ හී පැවති රැස්වීමකදී , යෝධ ස්ලාලොම් (Giant Slalom) ඉසව්ව නියෝජනය කිරීමට ද කාශ්මීර තරුණයාට අවස්ථාවක් ලද බව සැලවීමෙන්.

ශීත සෘත ඔලිම්පික් උළෙල තරග ඉසව් දෙකක් නියෝජනය කරන පළමු ඉන්දියානුවා ලෙස ආරිෆ් ඛාන් ඉතිහාසයට එක් වනවා.

“අපි කුඩා කාලයේ පාපන්දු සහ ක්‍රිකට් ක්‍රීඩා කලා. නමුත් අප අවට ක්‍රීඩාපිටියක්වත් තිබුනේ නැහැ. අපිට පහසුම ක්‍රීඩාව වූයේ හිම මත ලිස්සා යාමයි” අරිෆ් වරක් සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබුනේ ඔහුගේ ක්‍රීඩාවේ ගමන් මගේ ආරම්භය සිහි කැඳවමින්.

මොහොමඩ් අරිෆ් ඛාන්ගේ පියා , යසින් ඛාන් කාශ්මීරයේ , ගුල්මාර්ක් ප්‍රදේශයේ හිම ක්‍රීඩා සදහා අවශ්‍ය උපකරණ අළෙවි සැලක් පවත්වා ගෙන යන අතර අරීෆ් සෑමවිටම ක්‍රීඩාවට සමීප වීමට, එය ප්‍රබල හේතුවක් බවට පත්වුණා.

ඔහු මුලින්ම හිම මත ලිස්සා යාමේ ක්‍රීඩාවට යොමු වුනේ යාන්තම් වයස අවුරුදු 4 ක් වූ සුරතල් අවදියේදීමයි.

“1994 දී මගේ පියාගේ ස්කී සාප්පුවට මීටර් 500ක් විතර පයින් යන්න සිදු වුණා. මට මතකයි ඒ අවට ගොඩාක් හිමෙන් වැහිලා තිබුනා.. මගේ පියා සාප්පුව අසල කුඩා ස්කී බෑවුමකුත් සකස් කරලා තිබුනා අපි උදේ ඉදන් පැය ගණන් හිම මත ලිස්සා යමින් කාලය ගත කලා.” යනුවෙන් ඔහු “ද හින්දු” පුවත්පත වෙත වරෙක සිය මතකය අවධිකර තිබුණා.

වයස අවුරුදු 10 දී තරගකාරී හිම මත ලිස්සා යාම සඳහා යොමු වී ක්‍රමයෙන් ඔහු එම ක්‍රීඩාවේ වැඩි සාර්ථකත්වයක් අත් කර ගත්තා.

අරීෆ් වයස අවුරුදු 12 දී ඔහුගේ පළමු ජාතික Slalom ශූරතාව දිනා ගනිමින් ඉතා ඉක්මනින් හිම මත ලිස්සා යෑමේ ඉසව්ව දිග්විජය කරන්නට පටන් ගත්තා.

අරිෆ් ඉන්දියාව වෙනුවෙන් සිය ජාත්‍යන්තර මංගල තරගයට ක්‍රීඩා කළේ ඔහුට වයස අවුරුදු 16 දී වන අතර ,ඒ ජපානයේ යොමාසේ හී පැවති, කණිෂ්ඨ ජාත්‍යන්තර ස්කී සම්මේලනයේ (FIS) ඉසව්වකදීයි.

එහිදී ඔහු Giant Slalom ඉසව්වෙන් ඉන්දියාව නියෝජනය කරමින් 23 වැනි ස්ථානයට පත් වුණා..

කිසි ලෙසකින් සිය අධිෂ්ඨානය අත් නොහැරි ඔහු , 2011 වසරේ දකුණු ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙලේ දී රන් පදක්කම් දෙකක් දිනා ගත්තා. ඒ Slalom & Giant Slalom යන ඉසව් නියෝජනය කරමින්.

මොහොමඩ් අරීෆ් ඛාන් ලෝක ස්කී ශූරතාවලිය පළමුවරට නියෝජනය කළේ 2013 වසරේදීයි.

එහිදී මෙම ඉන්දියානු ඇල්පයින් ස්කී ක්‍රීඩකයා Slalom ඉසව්වෙන් 59 වැනි ස්ථානයත් , Giant Slalom ඉසව්වෙන් 91 වැනි ස්ථානයත් දිනා ගැනීම කැපී පෙනුණේ , ලෝක මට්ටමින් මෙම තරග ඉසව්ව සඳහා නම් දැරූ ක්‍රීඩකයන් රැසක් සමග සමඟ උරෙන් උර ගැටෙමින් ක්‍රීඩා කිරීම නිසායි.

එතැන් සිට අරීෆ් තවත් ලෝක ශුරතා තුනකට සහභාගි වී ඇති අතර ඔහුගේ හොඳම ප්‍රතිඵලය 2021 ඉතාලියේදී පැවති Giant Slalom තරග ඉසව්වේ 45 වැනි ස්ථානය දිනා ගැනීම ලෙස දැක්වෙනවා.

ඔහු ඕනෑම ලෝක ශුරතා ඉසව්වක අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව එය ලෙස ඉතිහාස ගත වුණා.

මීට පෙර ඉන්දියාව නියෝජනය කරමින් ශීත ඍතු ශීත ඍතු ඔලිම්පික් තරගාවලියක් තරඟාවලිය සඳහා සහභාගී වී ඇත්තේ එක් අයකු පමණයි.

ඒ ප්‍රවීණ ලූජ් ක්‍රීඩක ශිව කේශවන් වන වන අතර ඔහු මෙම ඉසව්වෙන් ඔලිම්පික් උළෙල 6කදී ඉන්දියාව නියෝජනය කර තිබෙනවා. හිමාචල් ප්‍රදේශයේ, මනාලි හී ජීවත්වන 40 හැවිරිදි ඔහු දැන් ඉන්දියාවේ හිම ක්‍රීඩා ප්‍රවර්ධනය කිරීමේ කාර්යභාරය භාරගෙන තිබෙනවා.

පසුගිය වසරේ ඉතාලියේ පැවැති ලෝක ඇල්පයින් ස්කී ශූරතාවලියේදී අරීෆ් තමන් ලද අත්දැකීම මෙලෙස විස්තර කර තිබුණා.

යෝධ ස්ලාලෝම් ඉසව්ව නියෝජනය කිරීමට සිටි ක්‍රීඩකයින් බොහෝමයක් යුරෝපීයයන් වූ අතර ඔස්ට්‍රියාව , ප්‍රංශය,ඉතාලිය ජර්මනිය , යන රටවල් නියෝජනය කළ ඔවුන් අතර සිටි ඉන්දියානුවා බොහෝ දෙනා විමතියට පත් කළ බවක් පෙනෙන්ට වුණා.

” ලෝක ශුරතා හතරක් නියෝජනය කළ මගෙන් ඉන්දියාවේ හිම මත ලිස්සා යමක් තිබේදැයි ඇතැමුන් ප්‍රශ්න කිරීම හරිම හාස්‍යජනකයි.
මෙම ප්‍රශ්නය අසන ලද සෑම අවස්ථාවකදීම , මම පැහැදිලි කර දුන්නේ” යාලුවනේ අපි ජීවත් වන්නේ හිමාලයේ. ඒක තමයි ලෝකයේ උසම කඳුවැටිය. ඔබ මොනවද බලාපොරොත්තු වෙන්නේ ? යනුවෙන්.

මේ සියල්ල අවසානයේ දී , මේ තරුණ ක්‍රීඩකයා මෙවර ශීත ඔලිම්පික් උළෙල නියෝජනය කරන ඉන්දියාවේ එකම තරගකරුවා මෙන්ම කණ්ඩායම් නායකයා වශයෙන් , ඉතා අභිමානවත්ව පසුගියදා බීජිං ධාවන පථයේ දී ඉන්දීය ජාතික ධජය රැගෙන ගියා.

” මම වසර කිහිපයක් පුරාවට බැරෑරුම් ලෙස පුහුණුවීම්වල යෙදී සිටින අතර මගේ අපේක්ෂාව ලෝකෙ හොඳම තිස් දෙනා අතරට පැමිණීමයි .හොඳම තිස් දෙනා අතරට පැමිණීම ලෝකෙ පදක්කම් ලාභීන් සහ සමානයි.”
ඔහු බීජිං බලා පිටත්ව යාමට පෙර සඳහන් කළා .

අරීෆ් සහභාගි වන තරග පෙබරවාරි 13 සහ 16යන දිනවල පැවැත්වීමට නියමිතයි .
මේ අතර ඔහු 2021 සැප්තැම්බර් මාසයේදී විවාහ වීමට සැලසුම් කරමින් සිටි නමුත් 2022 ශීත සෘතු ඔලිම්පික් සුදුසුකම් කෙරෙහි අවධානය යොමු කිරීමට සිදුවීම හේතුවෙන් ඔහුගේ විවාහය ද කල් දමන්නට යෙදුනා .

“ඇත්තටම මට තීරණය කරන්න තිබුණා විවාහ වෙනවද ඔලිම්පික් යනවාද කියලා.ඇය තේරුම්ගත්තා ඔලිම්පික් මගේ සිහිනය බවට” අරීෆ් සහ ඇගේ පෙම්වතිය ඔහුගේ සිහිනය වෙනුවෙන් ඔවුන්ගේ විවාහය පවා කල් දැමීමට තීරණය කලේ ඒ අනුවයි.

මේ අතර චීනය රටවල් 84ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම ක්‍රීඩා මංගල්‍යය සදහා පිළිගනු ලැබූයේ චීනයේ Xinjian කලාපයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍ය වැනි බලවත් රාජ්‍යයන්ගේ රාජ්‍යන්ගේ රාජ්‍ය තාන්ත්‍රික වර්ජනයක් මධ්‍යයේයි.

නැගෙනහිර ලඩාක්ක් හී, ගැල්වාන් නිම්නයේදී ඉන්දියානු සොල්දාදුවන් සමග 2020 හමුදා ගැටුමේදී තුවාල ලැබූ මහජන විමුක්ති හමුදාවේ රෙජිමේන්තු අණදෙන නිලධාරී Qi Fabao, සමාරම්භක උළෙලේ ඔලිම්පික් පහන දැල්වීමට තෝරා ගැනීමේ චීනයේ පියවර හෙලා දකිමින් ඉන්දියාව රාජ්‍යතාන්ත්‍රිකව ක්‍රීඩා උළෙල වර්ජනය කරන බව නිවේදනය කළා.

චීනයේ මෙම පියවර කනගාටුදායක බවත්, ඔලිම්පික් උළෙල දේශපාලනය කිරීමට තමන් තෝරාගෙන ඇති බවත් ඉන්දියාව පවසනවා.

ඒ සියලු දේ මධ්‍යයේ සදාකාලික ගැටුම් පිරි ජීවිතයක් ලැබ සිටින ආරිෆ් ඛාන් නම් කාශ්මීර තරුණයා බිලියන 1.4ක් වූ ඉන්දියානුවන්ගේ ආශිර්වාද හා ප්‍රාර්ථනා මැද ඉන්දියානු ජාතික ධජය රැගෙන බීජිං ලෝක ප්‍රකට කුරුළු කැදැල්ලේ ඇවිද යන්නේ මහත් අභිමනයෙනි

RECENT ARTICLES - SINHALA

රැග් එක නවත්තන්න ‘මෛත්‍රී’ මාසයක්

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කීරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. උසස්...

කන්ටේනර් අනතුරෙන් හතරක් රෝහලට

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද (19) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලවෙල හන්දිය...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පත්කරලා තියෙන්නේ නිදිකුම්බා නායකයෙක්-දයාසිරි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීමට කුමන්ත්‍රණකාරින් කටයුතු...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...