28.3 C
Colombo
Saturday, April 20, 2024

ඉන්දියාව සුක්කානම භාරගත් G20 කතාව

- Advertisement -

ලොව බලගතුම රටවල් 07 වන G-7 රටවල් කණ්ඩායම පසුගිය සඳුදා G-20 බලගතු රටවල් කණ්ඩායමේ නව සභාපතිත්වයට තේරී පත්වූ ඉන්දියාවට සහාය දැක්වීමට ඉදිරිපත් වූ අතර, සාධාරණ ලෝකයක් සඳහා ඔවුන්ගේ කැපවීම් නැවත අවධාරණය කරනු ලැබීය. නිකුත් කරන ලද ඒකාබද්ධ ප්‍රකාශයක් ඔස්සේ G-7 රටවල නායකයන් කියා සිටියේ ඉන්දීය නායකත්වය යටතේ සැමට තිරසර අනාගතයක් කරා ගෙනයෑමට සකස් කර ඇති සැලසුම් තමන් අනුමත කරන බවයි.

“අපි 2023 හිරෝෂිමා හිදී ජපාන සභාපතිධූරය යටතේ G7 සමුළුව දෙස බලා සිටින අතර, ඉන්දියානු G20 සභාපතිධූරයට අපගේ සහයෝගය ලබා දෙමින්, අපි ශක්තිමත්, එක්සත් සහ සැමට සාමකාමී, සමෘද්ධිමත් සහ තිරසාර අනාගතයක් නැවත ගොඩනැගීමට පරම ලෙස කැපවී සිටිමු” යනුවෙන් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ඉන්දියාව නිල වශයෙන් G-20 සභාපතිධුරය භාරගනු ලැබුවේ පසුගිය දෙසැම්බර් 01 වැනිදාය. ‘එක් පොළොවක්, එක් පවුලක්, එක් අනාගතයක්’ යන තේමාව යටතේ G-20 කණ්ඩායම ගෝලීය අභිවෘද්ධිය වෙනුවෙන් තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට ඉන්දියාව කටයුතු කරන බව අගමැති නරේන්ද්‍ර මෝදි සභාපතිධුරය භාරගනිමින් නිවේදනයක් හරහා ප්‍රකාශ කරනු ලැබීය. එසේම ත්‍රස්තවාදය, දේශගුණික විපර්යාස සහ කොවිඩ් වසංගතය ලොව එක්ව සටන් කළ යුතු විශාලතම අභියෝග ලෙස ලැයිස්තුගත කිරීමටද අගමැතිවරයා එහිදී කටයුතු කළේය.

මේ අතර ඉන්දියාවේ G20 සභාපතිත්වය යටතේ, එහි ආර්ථික කටයුතු පිලිබඳ පළමු රැස්වීමට සත්කාරකත්වය සැපයීමට බැංගලෝරය සූදානම් වේ. පළමු G20 මූල්‍ය සහ මහ බැංකු නියෝජිත හමුව 2022 දෙසැම්බර් 13-15 දිනවල බැංගලෝරයේදී පැවැත්වීමට නියමිත බව මුදල් අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු දෙපාර්තමේන්තුවේ ලේකම් අජේ සෙත් ANI පුවත් සේවය සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය. සිය නායකත්වය යටතේ ඉන්දියාව මෙම ආර්ථික සමුළුව සංවිධානය කිරීමට හේතුවී ඇත්තේම සිය මුල්‍ය ශක්තිය ලෝකය හමුවේ ප්‍රදර්ශනය කිරීමට බව පැවසීම අසත්‍යයක් නොවේ. ඉන්දියාව ලොව 05වන විශාලතම ආර්ථිකය බවට පත්වූයේ මීට මාස දෙකකට පමණ පෙරය. ඒ එතෙක් එම ස්ථානයේ සිටි එක්සත් රාජධානිය පසුපසට ඇදදමමිනි. ඒ අනුව සිය ආර්ථික ශක්තිය නිල වශයෙන් ලොවට හෙළිකිරීමට මෙම G20 සභාපතිත්වය සමගින් ඉන්දියාවට වඩා හොඳ අවස්ථාවක් උදාවී තිබේ.

අජේ සෙත් පෙන්වාදී ඇත්තේ මෙය ඉතා උද්යෝගිමත් අවස්ථාවක් බවයි. ඉන්දියාව වේගයෙන්ම වර්ධනය වන අවස්ථාවක ලැබුණු මෙම සභාපතිත්වය මනාව කළමනාකරණය කිරීමට තම රට සුදානම් බවද හෙතෙම පෙන්වාදෙයි. සංවර්ධනයේ ප්‍රතිලාභ සමස්ත ලෝකයටම අයත්විය යුතු බව අගමැති මෝදි පසුගිය බාලි G20 සමුළුවේ දේශනයේදී පැවසූ බවද සෙත් සිහිපත් කරයි. ඉන්දීය G20 සභාපති ධූරය යටතේ මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් සහ ඉන්දීය සංචිත බැංකුවේ අධිපති ශක්තිකාන්ත දාස් මෙම මූල්‍ය සංසදය මෙහෙයවනු ඇත.

“අපි මුදල් නියෝජිතයින්ගේ මට්ටමින් සාකච්ඡා ආරම්භ කිරීමට නියමිත අතර, පසුව අපි පෙබරවාරි මාසයේ දී G20 මුදල් අමාත්‍යවරුන්ගේ සහ මහ බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමක්ද බැංගලෝර්හිදී සැලසුම් කර ඇත්තෙමු” යැයි සෙත් පෙන්වාදෙයි. ඉන්දියාව සිය G20 සභාපතිත්වය යටතේ සැලසුම් සකස් කර ඇත්තේ එක් පෘථිවියක්, එක් පවුලක්, එක් අනාගතයක් යන තේමාව හරහාය. මෙම රැස්වීම් මාලාව මගින් සිය අමුත්තන්ට ඉන්දියාවේ ආර්ථික ජයග්‍රහණ දැක බලා ගැනීමේ අවස්ථාව ද සැලසෙන අතර, ඇත්ත වශයෙන්ම, අමුත්තන් ඉන්දියාවේ සංස්කෘතික පොහොසත්කම සහ විවිධත්වයද අත්විඳිනු ඇතැයි ලේකම් සෙත් G20 කණ්ඩායම තුළ වැඩිදුරටත් සිය අනාගත මුල්‍ය සැලසුම් පැහැදිලි කර තිබේ.

අප මෙහිදී ඉන්දියාවට සභාපතිත්වය හිමිවුණු G20 රටවල් කණ්ඩායම යනු කවරක්දැයි යන්න පිළිබඳවද යම් අදහසක් ලබාගැනීම වටී. එමගින් ඉන්දියාවට ලැබුණු මේ මහඟු අවස්ථාව සම්බන්ධයෙන් පැහැදිලි අදහසක් ලබාගත හැකිය. G20 හෝ “විසිදෙනාගේ කණ්ඩායම” යනු ග්‍රහලෝකයේ වඩාත් වැදගත් ආර්ථිකයන්ගෙන් විසිදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමකි. යුරෝපීය සංගමය සමග ස්වාධීන රටවල් 19 ක් එයට ඇතුළත් වේ. මෙහි සාමාජික රටවල් වන්නේ ආර්ජන්ටිනාව, ඔස්ට්‍රේලියාව, බ්‍රසීලය, කැනඩාව, චීනය, ප්‍රංශය, ජර්මනිය, ඉන්දියාව, ඉන්දුනීසියාව, ඉතාලිය, ජපානය, මෙක්සිකෝව, දකුණු කොරියාව, රුසියාව, සවුදි අරාබිය, දකුණු අප්‍රිකාව, තුර්කිය, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදයයි. මේ රටවල් දෙස බැලූ විට පෙනී යන්නේ ලෝකයේ බලවත්ම රටවල් සියල්ලම පාහේ මේ කණ්ඩායමට අයත් වන බවයි.

එබැවින් G 20 සමුළුව යනු ලෝකයේ ඉදිරි පැවැත්ම තීරණය කිරීමට බලපාන තීරණු ගනු ලබන සමුළුවක් වශයෙන් සරලව හඳුනා ගැනීමේ වරදක් නැත. G20 කණ්ඩායම ගෝලීය මූල්‍ය ස්ථාවරත්වය, දේශගුණික විපර්යාස අවම කිරීම සහ තිරසාර සංවර්ධනය වැනි ගෝලීය ආර්ථිකයට සම්බන්ධ ප්‍රධාන ගැටළු විසඳීමට ක්‍රියා කරනු ලබයි. මෙම කණ්ඩායම ගෝලීය භාණ්ඩ හා සේවා නිෂ්පාදනයෙන් 75% ක්, ගෝලීය ජනගහනයෙන් තුනෙන් දෙකක් සහ ලෝකයේ භූමි ප්‍රමාණයෙන් 60% ක් නියෝජනය කරයි. ඒ අනුව G20 රටවලට සමස්ත ලෝකයට කළහැකි බලපෑමේ විශාලත්වය සිතාගැනීමට හැකිය. සරලව කිවහොත් G20 කණ්ඩායම දෙවැනි වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට පමණකි.

පෘථිවියේ වාසය කරන මිනිස් වර්ගයාගෙන් හයෙන් එකකටම නිවහන වන ඉන්දියාව එහි භාෂා, ආගම්, සම්ප්‍රදායන් සහ විශ්වාස යනාදියේ විසල් විවිධත්වය සමඟින් ආසියාව පදනම් කරගත් ක්ෂුද්‍ර ලෝකයක් ලෙස හඳුන්වාදීම වරදක් නැත. අප දන්නා පරිදි සාමූහික තීරණ ගැනීමේ පැරණිතම සම්ප්‍රදායන් සමඟින් ඉන්දියාව ප්‍රජාතන්ත්‍රවාදියේ ආරම්භය සඳහා සිය දායකත්වය ලබාදී ඇත. ප්‍රජාතන්ත්‍රවාදයේ මව වශයෙන් හැඳින්වෙන ඉන්දියාවේ ජාතික එකඟත්වය සකස් වී ඇත්තේ නියෝගයකින් නොව මිලියන ගණනක් වන නිදහස් හඬවල් එක් වී එක් තනුවකට මුසු කිරීමෙනි. පෙර කි ලෙස, අද ඉන්දියාව ලොව වේගයෙන්ම වර්ධනය වන විශාලතම ආර්ථිකයයි. ඉන්දියාවේ ජාතික සංවර්ධනය ඉහළ සිට පහළට දිවෙන පාලනයක ව්‍යායාමයක් නොව පුරවැසියන් විසින් මෙහෙය වෙන ජනතා ව්‍යාපාරයක් බවට පත් කිරීමට වත්මන් අගමැති නරේන්ද්‍ර මෝදි 2014 වසරේ සිය නායකත්ව භූමිකාව ආරම්භ කළ දිනයේ සිටම උත්සාහ දරා ඇත.

අගමැති නරේන්ද්‍ර මෝදී අවධාරණය කරන්නේ G20 සභාපති ධුර කාලය අතරතුර ඉන්දියාව තම අත්දැකීම්, උගත් දෑ සහ මොඩලයන් විශේෂයෙන්ම සංවර්ධනය වන ලෝකයට සහ අනෙකුත් රටවලට භාවිත කළ හැකි ආකෘතීන් ලෙස ඉදිරිපත් කරනු ඇති බවයි. සිය G 20 ප්‍රමුඛතාවන් G 20 සාමාජික රටවල් සමඟ පමණක් නොව බොහෝ විට අවධානයට ලක් නොවන දියුණු වෙමින් පවතින රටවලද අදහස් සැලකිල්ලට ගැනෙමින් හැඩ ගැස්වෙනු ඇති බවද අගමැතිවරයා පෙන්වාදෙයි. විශේෂයෙන් කොවිඩ් වසංගතයෙන් අනතුරුව වත්මන් ලෝකය නැවත අවුළුවා ඇති යුක්රේන යුද්ධය අවසන් කිරීමට සිය නායකත්ව වසර ඇතුලත ඉන්දියාව සුවිශේෂී සුදානමකින් පසුවන බව පෙනෙන්නට තිබේ. එය ලෝක සාමය වෙනුවෙන්වූ ඉතාම වැදගත් කැපවීමක් වනු ඇති අතරම, ලෝකයට නව නායකයන් අවශ්‍ය බව පෙන්වමින්, නව ගෝලීය පර්යාය තුල හැරවුම් ලක්ෂයක් සනිටුහන් කිරීමටද අනිවාර්ය හේතුවක් බවට පත්වනු ඇත. එය ඉන්දීය නායකයා සිය G20 සභාපතිත්වය භාරගනිමින් සිදුකළ පහත ප්‍රකාශය සමග මනාව ගැලපෙන බව දැකගත හැකිය.

“අපගේ ප්‍රමුඛතා අපගේ ‘එක් අනාගතයකට’ අපේක්ෂාවන් ලබා දෙමින්, අපගේ ‘එක් පවුල’ තුළ මනා සුසංයෝගයක් නිර්මාණය කරමින්, අපගේ ‘එක් පෘථීවිය’ සුවපත් කිරීමේලා අවධානය යොමු කරනු ඇත

RECENT ARTICLES - SINHALA

අපේක්ෂකයා නැතත් පොහොට්ටුව තියනවා-නාමල් (වීඩියෝ)

ඉදිරි ජනාධිපතවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ අපේක්ෂකයා...

අයිස් සමග නාවික හමුදා ලොක්කෝ දෙදෙනෙකුත් මාට්ටු

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරුන් දෙදෙනෙකු ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 510ක් සන්තකයේ...

ඉස්සන් කර්මාන්තය දැඩි අර්බුදයක

ඉස්සන් කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන යාම සඳහා ගැටලු රැසක් පැනනැගී ඇති බව ඉස්සෝ වගාකරුවන් පවසනවා. ඔවුන් සඳහන් කරන්නේ මෙම අසීරු තත්ත්වය මත තම කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයේ අගයට සාපේක්ෂව අද (17) දිනයේ ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමණය වී තිබෙනවා. ඒ අනුව, අද...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...