28 C
Colombo
Thursday, October 3, 2024

කිරිඇල්ල රටින් පැන්න කතාව බොරුවක්

- Advertisement -

2024 ජනාධිපතිවරණය පැවැත්වෙන පසුබිමක තමා රටින් පිටව ඇති බවට සමාජ මාධ්‍යවල පළවන වාර්තා සාවද්‍ය බව සමගි ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.

සිය නිල ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ, ඔහු සහ පවුලේ සියළු දෙනා මේ වන විට මහනුවර ප්‍රදේශයේ රැඳී සිටින බවයි.

මෙවැනි අසත්‍ය පුවත් පල කරමින් දේශපාලන වාසි ගැනීමට කරන ප්‍රයත්නයන් හෙළා දකින බවත් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අදාළ සටහන මඟින් පෙන්වා දෙනවා.

RECENT ARTICLES - SINHALA

බදු බරට සහන දෙනවා- ජනපති මූල්‍ය අරමුදලට කියයි

ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ඉහළ පෙළේ නියෝජිත පිරිස අද (03) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබෙනවා. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන්...

සිසුවා ඝාතනයට පෙම්වතිය ඇතුළු 7ක් අත්අඩංගුවට

මහවෙල මඩවල උල්පත ප්‍රදේශයේ සිසුවෙකු අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සියලුදෙනාට දැඩි දඬුවම් ලබාදෙන්නැයි ඉල්ලා ප්‍රදේශවාසීන් අද (03) විරෝධතාවක නිරත වි තිබෙනවා. ඔවුන්...

මෙරට සංවර්ධනයට කොරියානු එක්සීම් බැංකුවේ මූල්‍ය සහාය

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඒ...

POPULAR ARTICLES

වාහන ප්‍රශ්නයක් ගැන ජනාධිපති මාධ්‍ය අංශය සමාව ඉල්ලලා

0
ජනාධිපති ලේකම් කාර්යාලය වෙත භාර දී ඇති වාහන සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය විසින් ඊයේ (30) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ, අනුයුක්ත කරන ලද රථ...

Breaking: ශිෂ්‍යත්ව විභාගය ගැන රජය ගත් විශේෂ තීරණය

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර ගැටලුව සම්බන්ධයෙන් උද්ඝෝෂණයක නිරත වූ දෙමව්පියන් පිරිසක් අතර සාකච්ඡාවක් ඊයේ (30) පස්වරුවේ ජනාධිපති...

අනුර පත් කරන පමාවට ලේකම් කෙනෙක් ගෙදර ගිහින්

නව රජය බලයට පත්වීමත් සමග අමාත්‍යාංශ 17ක් සඳහා පසුගිය අඟහරුවාදා (23) නව ලේකම්වරු පත් කෙරුණා. මෙහිදී රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන...