කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සමගි ජන බලවේගයට යන බව පවසමින් පළ කර ඇති පුවත් අසත්‍ය බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් මහින්ද අමරවීර මහතා පවසා ඇත්තේ තමා සමඟි ජන බලවේගයට එක්වන බවට The Wire News නැමැති වෙබ් අඩවිය පුවතක් පළ කර ඇති බවයි.
එම පුවත් මුළුමනින්ම සාවද්‍ය බවත් කිසිසේත්ම තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැර වෙනත් පක්ෂයක සාමාජිකත්වය නොගන්නා බවත් මහින්ද අමරවීර මහතා පෙන්වා දෙනවා.
මෙවර ජනාධිපතිවරණයේ දී ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබා දී ජයග්‍රහණය කරවීම සඳහා මේ වනවිට සියලු පියවර ගෙන අවසන් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා.