දුම්රිය ස්ථානාධිපතිවරුන් දියත් කළ වෘත්තීය ක්‍රියාමාර්ගය ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට අවසන් කරන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් සංජය ජයසුන්දර මහතා පැවසුවා.
ඔහු වැඩිදුරටත් පැවසුවේ අදට (31) යෙදී ඇති දීපාවලී දිනය හේතුවෙන් ජනතාවට සහයෝගය දැක්වීමේ පියවරක් ලෙස මෙම තීරණය ගත් බවයි.
උසස්වීම්, බඳවාගැනීම්, දුම්රිය අවලංගු වීම් සහ දුම්රිය දෙපාර්තමේන්තුවේ යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීම ආදී ගැටලු කිහිපයක් මුල්කරගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වන බවට ඉකුත් සඳුදා තීරණය කර තිබුණා.
ඉල්ලීම් සඳහා යහපත් ප්‍රතිචාරයක් ලැබෙන තුරු ඔවුන් පැය 72ක කාලයක් ද බලධාරීන්ට ලබාදී තිබූ අතර ඒ අනුව ඊයේ (30) උදෑසන මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වුණා.
ඒ, ප්‍රවාහන අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා හා දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා සමගයි.
එම සාකච්ඡා අසාර්ථක වූ පසුබික දුම්රිය ස්ථානාධිපති සංගමයේ විධායක සංගමය ඊයේ පස්වරු 4:30 සිට ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමෙන් වැළකෙමින් වෘත්තිය ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කළා.