27 C
Colombo
Wednesday, March 19, 2025

මැතිසබයට යන පුංචි ඡන්දයේ ශ්‍රේෂ්ඨාධිකරණ මතය

- Advertisement -

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය දැනුම් දීම සඳහා හෙට (14) පාර්ලිමේන්තුවේ විශේෂ සභාවාරයක් කැදවා තිබෙනවා.

එහිදී ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා විසින් සභාවට දැනුම් දෙනු ඇති.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පසුගිය 10වැනිදා රැස්වීමෙන් අනතුරුව හෙට පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව කැඳවීමට තිරණය කෙරුණා.

පාළාත් පාලන ඡන්ද විමසීම කඩිනමින් පවත්වන ලෙස ශ්‍රේ‍ෂ්ඨාධිකරණය විසින් නියෝග කර ඇති පසුබිමක ඊට ගරු කිරීමක් ලෙස මැතිවණය තවදුරටත් ප්‍රමාදයකින් තොරව පැවැත්වීමේ අවශ්‍යතාව සභානායකවරයා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදි පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව පාර්ලමේන්තුවේ ස්ථාවර නියෝගවලට අනුව අග්‍රාමත්‍යවරිය විසින් කථානායකවරයාගෙන් කර ඇති ඉල්ලීමක් මතයි හෙට පාර්ලිමේන්තුව රැස්වීමට තීරණය කර ඇත්තේ.

ඒ අනුව එම පනත් කෙටුම්පත සලකා බැලීම සඳහා අදාළ අමාත්‍යාංශ උපදේශක කාරකසභාව ද හෙට (14) රැස්වීමට නියමිතයි.

අනතුරුව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතට අදාළ දෙවනවර කියවීමේ විවාදය ලබන 17 වැනි සදුදා පස්වරු 2:00 සිට පස්වරු 7:00 දක්වා පැවැත්විමට ද සැලසුම් කර තිබෙනවා.

විපක්ෂය විසින් පනත් කෙටුම්පතට අදාළව ගෙන එනු ලබන සංශෝධන එදින පෙරවරු 10:00ට පෙර ලබාදෙන ලෙසද දැනුම් දී ඇති බව සදහන්.

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මුදල් අමාත්‍යවරයා ලෙස 2025 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම හෙවත් අයවැය කථාව ඉදිරිපත් කිරීමද පෙර තීරණය කළ පරිදිම 17වැනි සඳුදා පෙරවරු 10.30ට සිදුකිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර පළාත් පාලන මැතිවරණය අප්‍රේල් මාසයෙන් පසු සුදුසුදිනයක පවත්වන ලෙස සමගි ජනබලවේගය ඇතුලු‍ විපක්ෂයේ පක්ෂ කිහිපයක් අද (13) මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව ඔවුන් ලියාපදිංචි පක්ෂ 13ක ලේකම්වරුන්ගේ අත්සන් සහිත ලිපියක් අදාල යෝජනා ඉදිරිපත් කරමින් මැතිවරණ කොමිසමට භාර දෙනු ලැබුවා.

එමගින් ඔවුන් පෙන්වා දෙන්නේ අයවැය විවාදය සහ සාමාන්‍ය පෙළ විභාගය පැවත්වෙන දින පිළිබඳ කරුණු සළකා බලා පළාත් පාලන ඡන්ද විමසීම පැවත්වීම සඳහා සුදුසු දිනයක් ලබා දෙන ලෙසයි.

එමෙන්ම මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක කියා සිටියේ, පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කතානායවරයා ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ඒ පිළිබඳ ඉදිරි තීරණ ගන්නා බවයි.

RECENT ARTICLES - SINHALA

අපරාධ රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවෙක් අත්අඩංගුවට 

අපරාධ රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු හෙරොයින් සමග හෝමාගම ගලවිලවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ, අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි ගෝනපල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. පොලීසිය සඳහන් කළේ...

අර්චුනාගේ අශෝභන ප්‍රකාශ ගැන තීරණයක්

රාමනාදන් අර්ච්චුනා මන්ත්‍රීවරයාට තාවකාලික වාරණයක් පැනවීමට කටයුතු කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පවසා සිටියා. අද (19) පාර්ලිමේන්තුවේදී විශේෂ නිවේදනයක් කරමින් කතානයකවරයා සඳහන් කළේ,...

Breaking: දේශබන්දු තෙන්නකෝන් මාතර අධිකරණයට

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තාවකාලිකව සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ...

POPULAR ARTICLES

සයිබර් කඳවුරුවල රඳවා සිටි තවත් ලාංකිකයින් පිරිසක් දිවයින

මියන්මාරයේ සයිබර් කඳවුරු තුළ බළහත්කාරයෙන් රඳවා ගෙන සිටි තවත් ශ්‍රී ලාංකීකයන් 14 දෙනෙකු දිවයිනට රැගෙන ආ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. එම අමාත්‍යාංශය පැවසුවේ මෙම...

අපරාධ රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවෙක් අත්අඩංගුවට 

අපරාධ රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු හෙරොයින් සමග හෝමාගම ගලවිලවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ, අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි ගෝනපල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. පොලීසිය සඳහන් කළේ...

Breaking: දේශබන්දු තෙන්නකෝන් මාතර අධිකරණයට

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තාවකාලිකව සේවය අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ...