මහනුවර – මාතලේ පාර ප්‍රදේශයේදී වෑන් රථයක් අසල පිහියක් අතැතිව සිටි පුද්ගලයකු පිළිබදව පිරික්සීමේදී උපපොලිස් පරීක්ෂකවරයකුට පිහියකින් ඇන්න බව කියන සැකකරුවකු අත්අඩංගුවට ගත් බව මහනුවර පොලිසිය පවසනවා.
පොලිසිය පවසන්නේ, මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 46 ක පුද්ගලයකු බවයි.
මහනුවර පොලිස් ස්ථානයේ හදිසි ඇමතුම් අංශයට අනුයුක්ත උප පොලිස් පරීක්ෂකවරයක්, සැරයන්වරයක් සහ කොස්තාපල්වරයක් කාර් රථයකින් 119 රාජකාරියේ යෙදී සිටියදී පහරදීමකට තැත්කිරීමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී තිබෙනවා.
පොලිසිය වැඩිදුරටත් පැවසුවේ, අනතුරුව එම පැමිණිල්ල විභාග කිරීම සදහා කාර් රථයෙන් මාතලේ ප්‍රදේශයේ ගමන් කරමින් සිටියදී වෑන් රථයක් නවතා, එහි දොර අසල පිහියක් අතැතිව සිටි සැකකරු පිළිබදව පිරික්සීමේදී එම සැකකරු උප පොලිස් පරීක්ෂකවරයාට පිහියකින් ඇන ඇති බවයි.