30.6 C
Colombo
Thursday, April 25, 2024

ගුරු වර්ජනය අතිශය සාර්ථකයි. ළමයිත් නැහැ, ගුරුවරුත් නැහැ – ජෝසප් ස්ටාර්ලින් (වීඩියෝ)

- Advertisement -

අද (21) පැවති ගුරු වර්ජනය අති සාර්ථකව දිවයින පුරාම ක්‍රියාත්මක වෙමෙින් පවතින බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා පවසනවා.

ඔහු සදහන් කළේ උතුරු නැගෙනහිර පළාත්වල ගුරු වර්ජනය ක්‍රියාත්මක කිරීමට නොහැකි බවට සරත් වීරසේකර වැනි ඇමතිවරුන් පවසා සිටියත් උතුරු නැගෙනහිර පවා අද දිනයේ සාර්ථක ලෙස වර්ජනය ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.

වර්ජනය හේතුවෙන් පාසල්වලට දරුවන් මෙන්ම ගුරුවරුන්ද නොපැමිණි අතර බොහෝ පාසල්වල විදුහල්පතිවරුන් පවා පාසලට නොපැමිණ ආණ්ඩුවට සිය විරෝධය දක්වා තිබෙනවා.

ජෝසප් ස්ටාර්ලින් මහතා News19 වෙත සදහන් කළේ ගුරුවරුන් අද ලබාදුන් පණිවුඩය ආණ්ඩුව තේරුම් ගෙන වහාම අමාත්‍ය අනුකමිටුව මගින් යෝජනා කළ වැටුප් වැඩිවීම ගුරුවරුන් වෙත ලබාදීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවයි.

එසේ නොවුනහොත් නැවත වරක් උද්ඝෝෂණ මාලාවක් තුළින් යළිත් ආණ්ඩුවට විරෝධය දැක්වීමේ ක්‍රියාමාර්ගය ආරම්භ කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.


RECENT ARTICLES - SINHALA

කටුනායක අධිවේගයේ පිවිසුමක් අසල මෝටර් රථයක් පෙරළිලා

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද (24) දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරළී ගොස් ඇති බව ‘ලංකාදීප’ වාර්තා කරනවා. සිද්ධිය දුටු...

නීති විරෝධී ධීවර කටයුතුවල යෙදුණු පිරිසක් නාවික හමුදා භාරයට

යාපනය, චලෛයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ධීවර කටයුතුවල නියැලුණු පුද්ගලයින් 09 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා නාවික හමුදාව...

මාස 4ට විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක්

2024 වසරේ ගතවූ කාලය මාස 4 ක කාලය තුළ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය වෙත ලැබී තිබෙනවා....

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...