27.4 C
Colombo
Wednesday, June 7, 2023

ටෙලිකොම් සමූහයට රු. බිලියන 100 ඉක්ම වූ වාර්ෂික ආදායමක්

- Advertisement -

ජාතික තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකයාවන ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය, යළිත් වරක් වාර්ෂික ආදායම රු. බිලියන 100 ඉක්මවමින් සුවිශේෂී සමස්ත වර්ධනයක් අත්කර ගැනීමට සමත්ව සිටී. ඒ අනුව, 2022 මුල්‍ය වර්ෂය සඳහා එම සමූහය රු. බිලියන 108 ක ආදායමක් වාර්තා කර තිබේ.

එම ආදායම පසුගිය වර්ෂය සමග සැසඳීමේදී 5.2% ක වර්ධනයක්වන අතර, එය  සමූහය 2022 වර්ෂය තුළ වාර්තා කළ රු. මිලියන 4,765 ක බදු පසු ලාභය සඳහාද ප්‍රධාන වශයෙන් බලපා තිබේ. මෙම ශක්තිමත් කාර්යසාධනය, අනපේක්ෂිත සාර්ව ආර්ථික සහ ව්‍යාපාර ක්ෂේත්‍රයේ අභියෝග හමුවේ වුව ද සිය පාර්ශ්වකරුවන් වෙනුවෙන් තවදුරටත් කැපවීම සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයට අවස්ථාව හිමිකර දී තිබේ.

ඒකාබද්ධ ව්‍යාපාරික ව්‍යූහය, වත්කම් සඵල උපයෝජනය සහ ඒකාබද්ධ සන්නාමයක් යටතේ පිරිවැය කාර්යක්ෂමතාව ඇති කිරීම සඳහා 2021 වසරේ පටන් ගත් දූරදර්ශී ක්‍රියාමාර්ග මෙම සුවිශේෂී කාර්යසාධනයට බෙහෙවින් ඉවහල් විය.

“2022 වසර යනු, මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාව මුහුණ නොදුන් ආකාරයේ ආර්ථික සහ සමාජ විපර්යාස රැසක් සිදු වූ කාල පරිච්ඡේදයක්. අභියෝගාත්මක මෙහෙයුම් වාතාවරණය මෙන්ම අපගේ ක්ෂේත්‍රයට ම විශේෂිත අභියෝග රැසක් මධ්‍යයේ වුව ද, අපගේ ව්‍යාපාරික හර පද්ධතියට නවෝත්පාදනයන්   එක් කිරීම සහ පිරිවැය කළමනාකරණය කර ගැනීම සඳහා ගත් දූරදර්ශී ක්‍රියාමාර්ග හමුවේ ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ කාර්යසාධනය ස්ථාවරව පවත්වා ගැනීමට අපට හැකි වූ බව මම ඉතාම ආඩම්බරයෙන් සඳහන් කරනවා. නිතර වෙනස්වන මෙම වෙළෙඳපොළ තත්ත්ව හමුවේ ඉදිරියට ගමන්කරන අතර අප ලද අත්දැකීම් ද අපගේ සමූහයේ ශක්තිමත් කාර්යසාධනයට හේතු වූ බව කිව හැකියි. ඕනෑම ඉදිරිගාමී ව්‍යාපාරයක මෙන්, අභියෝගාත්මක වෙළෙඳපොළ තත්ත්ව හමුවේ නැගී සිටීමටත්, ව්‍යාපාරික තිරසාරත්වය ආරක්ෂාකර ගැනීමටත්, අනාගතයට සූදානම් ශ්‍රම බලකායක් නිර්මාණය කිරීමටත් පරිණාමය අතිශය වැදගත් වනවා. මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය ඔසොවා තැබීමටත්, සමාජ ආර්ථික ප්‍රගතියට උරදීමටත් කටයුතුකරන අතර ම, පාරිභෝගික ජනතාවටත්, ආයතනවලටත්, ආයෝජකයින්ටත් නවීන විසඳුම් ලබාදීම සඳහා සම්ප්‍රදායික විදුලි සංදේශ සමාගමකින් ඔබ්බට යමින් තාක්ෂණ සහ සන්නිවේදන සමාගමක් ලෙස ස්ථානගත වීම අපගේ ඒකායන අරමුණයි. ව්‍යාපාරයක් ලෙස නොසැලී සිටීමට ඇති හැකියාව මෙන්ම ක්‍රමෝපායික කළමනාකරණ තීරණ සහ 10,000 කට අධික කාර්යමණ්ඩලයක හැකියා තුළින් මෙම දුෂ්කර මෙහෙයුම් පරිසරය තුළ නිර්මාණයවන අවස්ථාවලින් උපරිම ඵල නෙලා ගැනීමට හැකිවනු ඇති බව අපගේ විශ්වාසයයි,” යනුවෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

සමූහයේ සමාගම් මට්ටමින් සැලකීමේදී ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම සිව්වන කාර්තුව සඳහා රු. බිලියන 18.1 ක ආදායමක් වාර්තා කළ අතර, එය පසුගිය මුල්‍ය වර්ෂයේ සිව්වන කාර්තුව සමග සැසඳීමේදී 19.9% ක කැපීපෙනෙන වර්ධනයකි. එමෙන්ම පසුගිය වසර සමග සැසඳීමේදී සමාගම පසුගිය වසරේ සිට මේ දක්වා රු. බිලියන 67.6 ක වාර්ෂික අදායමක් වාර්තා කර ඇති අතර, එම වර්ධනය ප්‍රතිශතයක් ලෙස 13% කි.

එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම 2022 මුල්‍ය වර්ෂය සඳහා රු. මිලියන 8,463 ක බදු පසු ලාභයක් වාර්තා කිරීමට සමත් වූ අතර එය පසුගිය වසර සමග සැසඳීමේදී 44.3% ක වර්ධනයකි.

දේශීය වාහක සේවා, බ්‍රෝඩ්බෑන්ඩ් සහ ජාත්‍යන්තර වාහක සේවාවල ආදායමේ වර්ධනය ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ වාර්ෂික ආදායම් වර්ධනයට ප්‍රධාන වශයෙන් බලපෑ අතර, 2022 මාර්තු මාසයේ සිට  සිදු වූ රුපියල අවප්‍රමාණය වීමත් සමග සමාගමට සැලකියයුතු විදේශ විනිමය අතිරික්තයක් උපයා ගැනීමට ද හැකි විය.

තවද, ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහය සිව්වන කාර්තුව සඳහා රු. බිලියන 3 ක් දක්වා සිය මෙහෙයුම් ලාභය වර්ධනයකර ගැනීමට සමත් වූ අතර එය පසුගිය කාර්තුව සමග සැසඳීමේදී 5.1% ක වර්ධනයකි.

පසුගිය වසර සමග සැසඳීමේදී කාර්තුවෙන් කාර්තුව (QoQ) කාර්යසාධනය ද 16% ක වර්ධනයක් පෙන්නුම් කරයි. එම අගය රු. බිලියන 3 ක් ලෙස වාර්තාවන නමුත්, මුල්‍ය වර්ෂය පුරාම පැවති දුර්වල ආර්ථික සහ ව්‍යාපාරික වාතාවරණය හේතුවෙන් 2021 වසරට සාපේක්ෂව සමූහයේ වාර්ෂික මෙහෙයුම් ලාභය රු. බිලියන 12.5 ක් දක්වා පහල බැස ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස 9.6% කි.

පසුගිය මුල්‍ය වර්ෂය පුරා පැවති රුපියල අවප්‍රමාණය වීම, උද්ධමනය සහ පොළී අනුපාත ඉහල යාම හේතුවෙන් සමූහයේ මෙහෙයුම් පිරිවැය කැපීපෙනෙන ලෙස ඉහල ගිය අතර එම අගය රු. බිලියන 67.7 කි.

තවද, සමූහයේ ජංගම සන්නිවේදන සේවා සමාගමවන මොබිටෙල් වැනි අනු සමාගම් පසුගිය වසර පුරා දැඩි විදේශ විනිමය අර්බුදවලට ලක්වීම පසුගිය වසර තුළ සමූහයේ සමස්ත වර්ධනයට බලපෑමක් ඇති කරලීමට සමත් වූ අතර සමුහ වර්ධනය අඩාල කිරීමට ද හේතු විය.

පසුගිය වසර තුනක කාලය තුළ මෙරට තාක්ෂණික සහ සන්නිවේදන අවශ්‍යතා ශීඝ්‍ර වර්ධනයක් සහ වෙනස්වීම්වලට ලක් විය. එවැනි තත්ත්වයක් තුළ, මෙරටට අත්‍යවශ්‍ය ආයතන සහ ක්ෂේත්‍ර සඳහා බාධාවකින් තොර තාක්ෂණික සහ සන්නිවේදන විසඳුම් ලබා දෙන එකම පදනම ලෙස වර්තමානයේත්, අනාගතයේත් අවශ්‍යතා සපුරාලීම සඳහා SLT-MOBITEL සතු කාර්යභාරය අන් කවරදාටත් වඩා තීරණාත්මක වී තිබේ. ඒ අනුව, මෙම කාලය තුළ සමූහයේ ස්ථාවරත්වය සහ කාර්යසාධනය ඉතා තීරණාත්මකවන අතර සියලු තීරණ ජාතික වගකීම පෙරටුකොටගෙන ගනු ලැබේ.

RECENT ARTICLES - SINHALA

BREAKING – මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා මීට සුළු මොහොතකට පෙර කොළඹ පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය කියා සිටියේ...

සුරාබදු නිලධාරීන් පිරිසක් කොළඹ වන් ගෝල්ෆේස් හිදී යකා නටයි

බීමත් සුරාබදු නිලධාරීන් කණ්ඩායමක් කොළඹ වන් ගෝල්ෆේස් වෙළඳ සංකීර්ණයේ පිහිටි පීසා ආපන ශාලාවක සේවකයෙකුට ඊයේ (06) රාත්‍රියේ පහර දී තිබෙනවා.

මහනුවර උසස් විදුහලක සිසු පිරිසක් තවත් සිසුවෙකුට විකට් පොලුවලින් පහර දීලා

මේ දිනවල පැවැත්වෙන අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය ප්‍රශ්ණ පත්‍රය ඊයේ (06) පෙරවරුවේ මුහුණ දුන් මහනුවර කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහලේ සිසුවෙකුට එම...

RECENT ARTICLES - ENGLISH

Essential drug prices to be reduced from 15 June

0
The Cabinet of Ministers approved the proposal raised by the Minister of Health to reduce the maximum retail price of 60 medicines...

Nearly 80 students, mostly girls, are poisoned in Afghanistan

0
Nearly 80 primary school students, mostly girls, are suspected to have been poisoned over the weekend and taken to hospital in Afghanistan’s...

Delays in trials pertaining to child abuse cases studied

0
The Sectoral Oversight Committee on Children, Women and Gender looks into the prevention of delays in trial pertaining to the cases of...