29 C
Colombo
Saturday, January 18, 2025

එකම පවුලේ 05ක් අනතුරට පත්කළ බිහිසුණු අනතුර

- Advertisement -

එකම පවුලේ ඥාතින් පිරිසක් ගමන් කළ ජීප් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අද (30) අනතුරට පත් විමෙන් ජීප් රථයේ ගමන් ගත් පස්දෙනෙකු තුවාල ලබා මස්කෙලිය ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

ඉන්පසු තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල වීම නිසා ඔවුන් දික්ඔය මුලික රෝහල වෙත මාරු කර යැවූ බවයි මස්කෙලිය පොලිසිය පවසන්නේ.

ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ආපසු ගොඩකලවෙල දක්වා ජීප් රථය ධාවනය කරන අවස්ථවේ දී ජීප් රථය නල්ලතන්නිය මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ මස්කෙලිය බ්‍රවුන්ලෝ වත්ත ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදු වී තිබෙනවා.

ජීප් රථය අනතුරට පත්වන අවස්ථාවේ එම රථය තුළ හත්දෙනෙකු ගමන් කර ඇති අතර, ඉන් කුඩා ළමයෙකු සහ රියදුරා සුළු තුවාල ලබා තිබෙනවා.

ධාවනය වෙමින් තිබූ ජීප් රථයේ රියදුරුට නින්ද යාමෙන් මෙම අනතුර සිදු වි ඇති බවත්, අනතුරෙන් ජීප් රථයට දැඩි අලාභ හානි සිදු වි ඇති බවත් පොලිසිය සඳහන් කළා.

අනතුර සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන මස්කෙලිය පොලිසිය සඳහන් කළේ, අනතුරෙන් කාන්තාවන් සිව්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා ඇති අතර, තුවාලකරුවන් ගොඩකවෙල, බළංගොඩ සහ රාගල ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි.

RECENT ARTICLES - SINHALA

ඊ – ටිකට් ජාවාරමට දුම්රිය සේවකයෙක්ගේ වැඩ තහනම්

දුම්රිය ඊ ප්‍රවේශපත්‍ර ජාවාරමට සම්බන්ධ යයි චෝදනා එල්ල වී සිටින මාකුඹුර දුම්රිය ස්ථානයේ සේවයේ නිරතව සිටි දුම්රිය සේවකයෙකුගේ සේවය අත්හිටුවීමට පියවර ගත් බව දුම්රිය...

සඟවා තිබූ ජීප් රථයක් හා වාහන චැසි දෙකක් සොයා ගැනේ

කූඨ ලේඛණ සකස් කර භාවිත කළ තවත් ජීප් රථයක් හා වාහන චැසි දෙකක් මාතලේදී අත්අඩංගුවට ගැනුණා. දින කිහිපයකට පෙර මාතලේ ප්‍රදේශයේදී ජීප් රථ කිහිපයක් සමග...

දේශපාලන සිරකරුවන් දැන්වත් නිදහස් කළ යුතුයි

පැරැණි ප්‍රශස්ති පසෙක තබා දෙමළ දේශපාලන සිරකරුවන්ව වත්මන් ආණ්ඩුව නිදහස් කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් මහතා පවසනවා. දේශපාලන සිරකරුවන් යැයි...

POPULAR ARTICLES