29 C
Colombo
Saturday, January 18, 2025

කෝටි දෙකේ සොරකම

- Advertisement -

රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් මකර තොරණ සහිත ඉපැරණි ලෝහමය බුදුපිළිමයක් සොරකම් කළ ස්වාමීන් වහන්සේ දෙනමක් සහ සංචාරක හෝටලයක හිමිකරුවෙක් මාවනැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් විසින් මෙලෙස සොරකම් කර තිබුණේ කරහම්පිටිගොඩ ඛෙත්තාරාම පුරාණ විහාරස්ථානයේ තැන්පත්කර තිබූ ලෝහමය බුදුපිළිමයක්.

මාවනැල්ල දෙවනගල ඓතිහාසික රජමහා විහාරස්ථානයට අයත් කරහම්පිටිගොඩ ඛෙත්තාරාම පුරාණ විහාරස්ථානයේ තැන්පත්කර තිබූ රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුත් මකර තොරණ සහිත ඉපැරණි ලෝහමය බුදුපිළිමයක් කිසියම් පිරිසක් සොරකම් කර ඇති බවට දෙවනගල රජමහා විහාරාධිපති පූජ්‍ය මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමි විසින් පසුගියදා මාවනැල්ල පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබුණා.

ඒ අනුව සබරගමුව පළාතභාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විසින් සොරකම පිළිබඳ විමර්ශන කෑගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය වෙත පවරනු ලැබ තිබෙනවා.

අනතුරුව කළ විමර්ශනයේදී සොරකමට සැකපිට කිඹුල්විලවත්ත දොම්පේ ප්‍රදේශයේ විහාරස්ථානයක 28 හැවිරිදි හිමිනමක්, මහනුවර මහයියාව ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් සහ පේරාදෙණිය ගන්නෝරුව ප්‍රදේශයේ සංචාරක හෝටලයක හිමිකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබුණා.

එහිදී අනාවරණ වී ඇත්තේ දොම්පේ විහාරස්ථානයේ හිමිනමගේ සැලසුමක් අනුව සොරකම සිදුකර ඇති බවයි.

RECENT ARTICLES - SINHALA

ජානක පෙරේරාගේ ඝාතනය ගැන අලුත් තොරතුරක්

මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඇතුළු 31 දෙනකු ඝාතනය කරමින් 2008 ඔක්තෝබර් 06දා අනුරාධපුරයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරු හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල...

චීන මුදල් හුවමාරු ගිවිසුම දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා මහ බැංකුව සහ චීන මහජන බැංකුව අතර 2021 වසරේ දී අත්සන් කිරීමට යෙදුණු ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුම තවත් වසර 3ක කාලයක් සඳහා...

ඊ – ටිකට් ජාවාරමට දුම්රිය සේවකයෙක්ගේ වැඩ තහනම්

දුම්රිය ඊ ප්‍රවේශපත්‍ර ජාවාරමට සම්බන්ධ යයි චෝදනා එල්ල වී සිටින මාකුඹුර දුම්රිය ස්ථානයේ සේවයේ නිරතව සිටි දුම්රිය සේවකයෙකුගේ සේවය අත්හිටුවීමට පියවර ගත් බව දුම්රිය...

POPULAR ARTICLES