24 C
Colombo
Sunday, February 16, 2025

එකලස් කළ ජීප් රථය සම්බන්ධව අත්අඩංගුවට ගත් තිදෙනා රිමාන්ඩ්

- Advertisement -

නීතිවිරෝධී ලෙස එකලස් කළ බවට සැක කෙරෙන අංගම්මන ප්‍රදේශයේ සුඛෝපභෝගී ජීප් රථයක් සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන පෙබරවාරි 10 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ප්‍රබල දේශපාලඥයෙකු විසින් පරිහරණය කළ බවට සැක කරන මෑත කාලය තුළ පුද්ගලයන් කිහිපදෙනෙකු යොදා ගනිමින් සඟවා තැබු රුපියල් කෝටි තුනක පමණ වටිනාකමකින් යුතු මෙම සුඛෝපභෝගි ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකාය විසින් සිය භාරයට ගෙන තිබුණා.

වලානේ පිහිටි මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකායට ලද තොරතුරකට අනුව උපායදුතයින් යොදවා ලබා ගන්නා ලද තොරතුරු මත සකස් කරන ලද සැලසුමකට අනුව ඊයේ (28) දින සිදු කරන ලද වැටලීමකදී රත්නපුර අංගම්මන ප්‍රදේශයේ කොන්ක්‍රිට් වැඩපලක ව්‍යාජ අංක තහඩු සවි කරන ලද නීති විරෝධි ජීප් රථයක් සඟවා තිබියදී සොයා ගැනීමට සමත් වු බව පැවසෙනවා.

ඒ අනුව, මේ සම්බන්ධයෙන් වලාන මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරින් විසින් සිදු කරන ලද වැඩිදුර විර්මශණයේදි මෙම රථයේ චැසි අංකය හා එන්ජින් අංකය ව්‍යාජ ලෙස කොටා ඇති බවත්, මෙම ලියාපදිංචි අංකය යටතේ ඉදිරිපත් කරන ලද ලියාපදිංචි ලේඛනයට අදාලව රථය පරීක්ෂා කිරීමේදී ලියාපදිංචි ලේඛණය අනුව ජීප් රථයේ සවි කර තිබු අංක තහඩුව අනුව එය MOTOR LORRY අංක තහඩුවක් බවත් හඳුනාගෙන තිබෙනවා.

එමෙන්ම, ලියාපදිංචි ලේඛණය අනුව රථයේ පැහැය MEROON ලෙස සදහන්ව ඇතත් අත්අඩංගුවට ගන්නා ලද ජීප් රථය අළු පැහැය බවත්, රථයේ එන්ජින් සිලින්ඩර් ධාරිතාවය CC 1280 ලෙස ලියාපදිංචි ලේඛනය අනුව සදහන්ව ඇතත් මෙම රථයේ එන්ජින් සිලින්ඩර් ධාරිතාව CC 2800 කට වඩා වැඩි රථයක් බවටත් කරුණු අනාවරණය වී ඇති බවයි වාර්තා වන්නේ.

RECENT ARTICLES - SINHALA

මියන්මාරයේ සිරවී සිටි තවත් ලාංකිකයින් පිරිසක් මුදාගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ගෙන් 13දෙනෙකු නිදහස් කර ගෙන තිබෙනවා. මෙලෙස නිදහස් කර ගෙන ඇත්තේ, තරුණයින් 11 දෙනෙකු...

සා/පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනසක් නැහැ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ විභාග ක්‍රමය හෝ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනස් නොකරන බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය...

හරියටම ඔත්තු දුන්නොත් පොලීසියෙන් මිලියනයක තෑග්ගක්

වැල්ලව පොලිස් වසමේ වාසල එපාට්මන්ට්, මරළුවාව ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයෙකුට දෙසැම්බර් මස 24 වන දින රාත්‍රී කාලයේ T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ...

POPULAR ARTICLES