31.1 C
Colombo
Tuesday, June 24, 2025

ශිෂ්‍යත්ව ප්‍රශ්න වට්සැප් දැමූ තිදෙනාට වැඩ වරදී

- Advertisement -

අනුරාධපුර – රත්මල්ලේ තිස්ස විදුහලේ විභාග ශාලාධිපතිවරයෙකු ඇතුලු තිදෙනෙකු සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පැවැත්වීමට පියවර ගෙන තිබෙනවා.

ඒ ඔවුන් ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ඡායාරූප ගත කර වට්සැප් මාර්ගයෙන් උපකාර පන්ති ගුරුවරුන් පිරිසකට යොමුකළ බවට එල්ලවන චෝදනා අනුවයි.

දිවයිනම ආවරණය වනපරිදි මධ්‍යස්ථාන 2,849කදී පසුගිය ඉරිදා දින 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වුණා.

කෙසේ වුවත් අදාළ විභාගයේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් වට්ස්ඇප් මාධ්‍ය ඔස්සේ හුවමාරු වී ඇති බවට මව්පියන් සහ ගුරුවරුන් පිරිසක් පසුගියදා චෝදනා එල්ල කළා.

මේ අතර අනුරාධපුර – රත්මල්ලේ තිස්ස විදුහලේ විභාග ශාලාධිපතිවරයෙකු ඇතුලු තිදෙනෙකු සම්බන්ධයෙන් විනය පියවර ගැනීමට පළාත් අධ්‍යක්ෂවරයාට උපදෙස් ලැබී තිබෙනවා.

ඒ ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය ඡායාරූප ගත කර වට්සැප් මාර්ගයෙන් උපකාර පන්ති ගුරුවරුන් පිරිසකට යොමුකළ බවට එල්ල වූ චෝදනාවකට අනුවයි.

මේ අතර නිකවැරටිය ප්‍රදේශයේ පාසලක ගුරුවරයකු විසින් මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් ඔහුගේ උපකාරක පන්තිවලට සහභාගි වන සිසුන්ට සහ පාසලේ දරුවන් පිරිසකට විභාගයට පෙර දින දෙක තුළදී ලබාදී ඇති බව පවසමින් දෙමව්පියන් පිරිසක් චෝදනා කරනවා.

ඒ සම්භන්ධයෙන් දෙමාපියන් පිරිසක් එක්ව පාසල ඉදිරිපිටදී අත්සන් තබන ලද ලිපියක් නිකවැරටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාට, පාසලේ විදුහල්පතිවරයාට සහ නිකවැරටිය කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරයාට යොමු කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකුට අධිකරණයෙන් දුන් නියෝගය

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වන සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවක් අගෝස්තු මස 20 වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (24)...

නාරහේන්පිටට රාජ්‍ය ඔසුසලක්

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) 65 වන රාජ්‍ය ඔසුසල - නාරාහේන්පිට ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සංකල්පයක් මත...

මැරිලා දවස් පහක් ගිය ලෙඩ්ඩුන්ටත් ඔපරේෂන් කරලා – අල්ලස් කොමිසම උසාවියට කියයි

අල්ලස් චෝදනා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය මහේශී විජේරත්න ඇතුළු සැකකරුවන් තුන්දෙනාගේ ඇප ඉල්ලීම් කොළඹ මහේස්ත්‍රත් අධිකරණය විසින්...

POPULAR ARTICLES

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකුට අධිකරණයෙන් දුන් නියෝගය

හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු වන සරණ ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවක් අගෝස්තු මස 20 වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (24)...

ට්‍රම්ප් අසතුටින් – නෙතන්යාහුට දුරකථනයෙන් අමතයි

ඊශ්‍රායලය සහ ඉරානය යන රටවල දෙකම තමන් ප්‍රකාශ කළ සටන් විරාමය උල්ලංඝනය කර ඇති බවත් එබැවින් එම රටවල් දෙක පිළිබඳවත්  තමා අසතුටු බවත් අමෙරිකානු...

නාරහේන්පිටට රාජ්‍ය ඔසුසලක්

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) 65 වන රාජ්‍ය ඔසුසල - නාරාහේන්පිට ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සංකල්පයක් මත...