අතිගරු නාමය හා ජනාධිපති කොඩිය අහෝසියි – රනිල්

මින් පසුව ජනාධිපතිවරයාව ආමන්ත්‍රණය කිරීමට ‘ අතිගරු ‘ යන නාමය යෙදීම තමන් තහනම් කරන බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. එමෙන්ම මින් අනතුරුව ජනාධිපතිවරයාගේ කොඩියද අහෝසි කරන බවයි රනිල් වික්‍රමසිංහ මහතා පවසන්නේ. අද (15) වාලුකාරාමයේදී වැඩබලන ජනාධිපතිවරයා ලෙස දිවුරුම්දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ඒ මහතා මෙම අදහස් පලකළා.