31.7 C
Colombo
Friday, June 20, 2025

චම්පිකට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කෙරේ

- Advertisement -

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී බරපතල රිය අනතුරක් සිදුකිරීමේ චෝදනාව එල්ල වී සිටින හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට කොළඹ මහාධිකරණය අද (10) අවසර ලබා දුන්නා.

මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී පාඨලී චම්පික රණවක වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයාට පෞද්ගලික කටයුත්තක් සඳහා විදේශගත වීමට අවශ්‍යව තිබෙන බව සඳහන් කළා.

ඒ සඳහා දැනට පනවා තිබෙන විදේශ ගමන් තහනම අද දින සිට ලබන අප්‍රේල් මස 20 දක්වා කාල සීමාව තුළ තාවකාලිකව ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එම ඉල්ලීම පිළිගත් අධිකරණය අදාළ කාලසීමාව තුළ චම්පික රණවකට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කිරීමට නියෝග කළ අතර අප්‍රේල් මස 20 වැනිදා ඒ ඔහුට යළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසත් නියෝග කළා.

RECENT ARTICLES - SINHALA

ගාල්ලේ නියෝජ්‍ය නගරාධිපතිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවලා

ගාල්ල මහ නගර සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නියෝජ්‍ය නගරාධිපති ලෙස පත්වූ ප්‍රියන්ත ගොඩගම සහබන්දු මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ...

පොහොට්ටුවත් එක්ක ගාල්ලේ බලය මාලිමාවට

ගාල්ල මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිව තිබෙනවා. ගාල්ල මහ නගර සභාවේ මංගල රැස්වීම පළාත් පාලන මහකොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් අද (20) පැවැත්වුණා. ගාල්ල මහ නගර...

සිරකරු සමාවට තුන්කට්ටුවක් මැති සබේ පැටලිලා

ජනාධිපති සමාව යටතේ සිරකරුවන් නිදහස් කිරීමේදී ජනාධිපතිවරයාගේ ලේඛනයට අදාළ නොමැති සිරකරුවෙකු නිදහස් කිරීමේ පිළිබඳ නැවත පාර්ලිමේන්තුවේදී ඊයේ (19) උණුසුම් සංවාදයක් ඇති වුණා. ඒ අමාත්‍ය ආනන්ද...

POPULAR ARTICLES

ගාල්ලේ නියෝජ්‍ය නගරාධිපතිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවලා

ගාල්ල මහ නගර සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නියෝජ්‍ය නගරාධිපති ලෙස පත්වූ ප්‍රියන්ත ගොඩගම සහබන්දු මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ...

සිරකරු සමාවට තුන්කට්ටුවක් මැති සබේ පැටලිලා

ජනාධිපති සමාව යටතේ සිරකරුවන් නිදහස් කිරීමේදී ජනාධිපතිවරයාගේ ලේඛනයට අදාළ නොමැති සිරකරුවෙකු නිදහස් කිරීමේ පිළිබඳ නැවත පාර්ලිමේන්තුවේදී ඊයේ (19) උණුසුම් සංවාදයක් ඇති වුණා. ඒ අමාත්‍ය ආනන්ද...

ලුණු සහ විෂ බැක්ටීරියා පමණක් ඇතුළත් ද්‍රාවණයකට රජයෙන් ලක්ෂ 1444ක් වැය කරලා – නීතිපති

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධ ගනුදෙනුවට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ඇතුළු සැකකරුවන් 11 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ අවසන් වාර්තාව...