26.9 C
Colombo
Monday, October 18, 2021

අජිත් රෝහණ මහතා දැඩි සත්කාර ඒකකයේ සිටින ආකාරයෙන් පලවන ඡායාරූපයේ ඇත්ත කතාව (වීඩියෝ)

- Advertisement -

හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ වන විට කොවිඩ් 19 වෛරසය ආසාදිතව පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිනවා.

ඒ මහතාගේ අසනීප තත්ත්වය වාර්තාවීමත් සමඟම ඇතැම් සමාජ මාධ්‍යවල පලවුණේ ඔහු දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි.

කෙසේ වෙතත් ඔහුගේ පවුලේ සමීපතමයන් තහවුරු කළේ අජිත් රෝහණ මහතා දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින පුවත අසත්‍යක් බවයි.

මේ අතර මේවනවිට සමාජ මාධ්‍යයන්හී අජිත් රෝහණ මහතා දැඩිසත්කාර ඒකකයේ අපහසුවෙන් හුස්ම ගනිමින් සිටින ආකාරයේ ඡායාරූපයක් හුවමාරු වනවා.

පොලිස් මිතුරෝ (2) නම් ශ්‍රී ලංකා පොලීසියට අදාළ පුවත් පලකරන ෆේස්බුක් කණ්ඩායමක (Group) කුමාර අයියා නමින් පුද්ගලයෙකු “ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතාගේ තත්වය මේ…” යනුවෙන් පහත සටහන පලකර තිබුණා.

කෙසේ වෙතත් අදාළ ඡායාරූපය පිළිබදව News19 කළ සොයාබැලීමේදී වාර්තාවූයේ මෙම ඡායාරූපයේ සිටින්නේ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා නොව වෙනත් රටක පුද්ගලයෙකු බවයි.

ඔහුද කොවිඩ් 19 ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිට මේ වන විට සුවය ලබා සිටින පුද්ගලයෙකු වන අතර ඔහු ටික්ටොක් යෙදුමේ (App) සක්‍රීය සාමාජිකයෙකුද වනවා.

ඒ අනුව tiago arieiv නැමැති මෙම පුද්ගලයා තමන් කොවිඩ් 19 ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටින අවස්ථාවේ ලබාගත් දර්ශන ටික්ටොක් යෙදුමට (App) වරින්වර එක්කර තිබුණා.

එම දර්ශන පහතින්,

https://fb.watch/7BETYWuqu-/


RECENT ARTICLES - SINHALA

පාස්කු කොමිසමේ ඇතැම් නිර්දේශ ක්‍රියාත්මක කරහොත් තමන් අප්‍රසාදයට පත්විය හැකියැයි ජනපති මට කිව්වා –...

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබද විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ සියලුම නිර්දේශ ක්‍රියාත්මක කළ නොහැකියැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන් සමග පැවසුවේ යැයි...

දෙමව්පියන් එක්ක ඇමැති දිලුම් කරන්න ගිය කැත වැඩේ විදුහල්පතිට අතටම අසු වෙයි (හඬපට)

0
දෙමාපියන්යැයි හදුන්වාගත් පිරිසක් මහනුවර රාසිංදෙව් කණිෂ්ඨ විදුහලේ විදුහල්පතිවරයාට නොදන්වා පාසල ශුද්ධ පවිත්‍ර කිරීමට යැයි එම පාසලට පැමිණීම සම්බන්ධයෙන් මේ වන විට මතභේදකාරී...

පාසල් සුද්ද කරන්න ඇමති බන්දුලත් ඇවිත් (ඡායාරූප)

සිසුන් 200ට වඩා අඩුවෙන් ඉගෙනුම ලබන පාසල් යළි විවෘත කිරීමට රජය විසින් ගත් තීරණය අනුව, හෝමාගම ප්‍රදේශයේ පාසල් වල වර්තමාන තත්වය සම්බන්ධ...

RECENT ARTICLES - ENGLISH

Cup of porridge to school children instead of milk

0
Minister of Education Dinesh Gunawardena has presented a Cabinet paper to give a cup of porridge to school children instead of previous...

SLFP predicted farmers will fall into crisis situation: Sirisena

0
The SLFP predicted that farmers in the country will fall into crisis following resent developments, Former President Maithripala Sirisena today (16) said.

No Confidence Motion against Mahindananda over fertilizer issue

0
A No Confidence Motion will be brought to Parliament against Agriculture Minister Mahindananda Aluthgamage if he failes to provide a sustainable solution...