රුපියල් ලක්ෂ ගණනාවක් වැය කර කැස්බෑව වැව වටා ඉදිකරන ලද ඇවිදින මංතීරුව කිසිදු දේශපාලනඥයකුගේ සහභාගිත්ව කින් තොරව කුඩා දරු දැරියක විසින් පසුගියදා විවෘත කෙරුණා.
නාගරික සංවර්ධන අධිකාරිය මගින් අවස්ථා දෙකකදී රුපියල් ලක්ෂ ගණනාවක මුදල් වැයකර මෙම ඇවිදින මංතීරුව ඉදිකර තිබුණා.
කෙසේවෙතත් පවත්නා දේශපාලන අර්බුදය හේතුවෙන් එය විවෘත කෙරුණේ නැහැ.
කැස්බෑව ප්‍රදේශවාසීන් විසින් සංවිධානය කරන ලද චාම් උත්සවයකින් අනතුරුව කුඩා දරුවන් දෙදෙනකු විසින් ඇවිදින මං තීරුවට ඇතුළුවීම සඳහා තිබෙන පිවිසුම හරහා යොදා තිබූ පීත්ත පටියක් කපා එය විවෘත කළා.
“ජනතා බදු මුදලින් නිමකරන ලද කැස්බෑව වැව වටා ඇවිදින මංතීරුව 2022 – 04-28 ජනතාව සුරතින් විවෘත වූ වගයි” යනුවෙන් කුඩා පුවරුවක් ද පසෙක සවිකර තිබුණා.