29 C
Colombo
Saturday, January 18, 2025

රට ක්ලීන් කරන්න පායපු ක්‍රිකට් තරු දෙක

- Advertisement -

‘ක්ලීන් ශ්‍රී ලංකා’ සරල ලෙසින් අර්ථකථනය කළත් එය ඉතා ගැඹුරු අදහසක් තිබෙන ක්‍රියාවලියක් බව ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතා පවසනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මකවන මෙම ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවයට එක්වෙමින් සංගක්කාර මහතා මේ බව පවසා සිටියා.

‘ක්ලීන් ශ්‍රී ලංකා’ ජාතික ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද (1) පෙරවරුවේදී පැවැත්වුණා.

මෙම අවස්ථාවට හිටපු නායකයින් දෙපළක් වන කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන මහත්වරුන්ද සහභාගි වි සිටියා.

මෙහිදී සංගක්කාර මහතා වැඩිදුරටත් පවසා සිටියේ, මෙම වැඩසටහන ඉතාම කාලීන වූත් වැදගත් ක්‍රියාවලියක් බවයි.

එමෙන්ම මෙම මානසිකත්වය වෙනස්කිරීම තුළින් යහපත් වටිනාකම්, හරයන් එදිනෙදා ජීවිතයටත් පරිපාලනයටත් එක්කිරීම තුළින් රටේ දියුණුවට මෙන්ම ජනතාවගේ දියුණුවට ද විශාල රැකුළක් වන බව ඔහු සඳහන් කළා.

“ඉතාමත් වැදගත් ක්‍රියාවලියක් අද මේ දියත් කරන්න ගරු ජනාධිපතිතුමා අපෙන් ඉල්ලා සිටියේ. ඉතාමත් හොඳ දෙයක් අලුත් අවුරුද්දේ පළවෙනි දවසේ මෙවැනි ක්‍රියාවලියක් දියත් කිරීම. සරළ විදියට අර්ථකථනය කළාට ඉතාමත් ගැඹුරු අදහසක් එක්ක තමයි මේ ක්‍රියාවලිය දියත්කරලා තියෙන්නේ”.

‘ක්ලීන් ශ්‍රී ලංකා’ ඉතාමත් වැදගත් කර්තව්‍යක් බව මෙහිදී මහේල ජයවර්ධන මහතා පවසා සිටියා.

ජනාධිපතිවරයාගෙන් ලැබෙන සහයෝගයත් සමග පුරවැසියන්ට ද මෙම ව්‍යාපෘතිය ඉදිරියට රැගෙනයාමේ විශාල වගකීමක් තිබෙන බව ඔහු සඳහන් කර සිටියා.

“මම හිතන්නේ ඉතාමත් වැදගත් කර්තව්‍යක් අලුත් අවුරුද්දේ. ජනාධිපතිතුමත් අනෙක් හැමෝගෙම සහයෝගයත් එක්ක අපට පුරවැසියන් විදිහට ලොක වගකීමක් තියෙනවා ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ව්‍යාපෘතිය ඉදිරියට ගෙනියන්න. හොඳ පටන් ගැන්මක්. බොහෝ දේ කරන්න තියෙනවා ඉදිරියට”.

RECENT ARTICLES - SINHALA

එළදෙනුන් ප්‍රවාහනය කළ ලොරි රථයක් අනතුරට

වැලිමඩ සිට හැටන් දක්වා එළදෙනුන් අටදෙනෙක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක්, හැටන් - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ, නානුඹය රදැල්ල කෙටි මාර්ගයේ, සමසෙටි වත්ත ප්‍රදේශයේදී අනතුරකට...

ජානක පෙරේරාගේ ඝාතනය ගැන අලුත් තොරතුරක්

මේජර් ජෙනරාල් ජානක පෙරේරා ඇතුළු 31 දෙනකු ඝාතනය කරමින් 2008 ඔක්තෝබර් 06දා අනුරාධපුරයේදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරු හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල...

චීන මුදල් හුවමාරු ගිවිසුම දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකා මහ බැංකුව සහ චීන මහජන බැංකුව අතර 2021 වසරේ දී අත්සන් කිරීමට යෙදුණු ද්විපාර්ශ්වික මුදල් හුවමාරු ගිවිසුම තවත් වසර 3ක කාලයක් සඳහා...

POPULAR ARTICLES