26.1 C
Colombo
Monday, June 16, 2025

ජනක රත්නායකගෙන් අල්ලස් ඉල්ලූ පක්ෂයේ දෙදෙනා යළිත් රිමාන්ඩ්

- Advertisement -

මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා සිය පක්ෂයෙන් නාමයෝජනා ලබාදීමට රුපියල් ලක්ෂ 300ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන තිබූ එක්සත් ලංකා පොදුජන පක්ෂයෙන් නිලධාරීන් දෙදෙනා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

එම නිලධාරීන් දෙදෙනා ලබන 18 වැනිදා දක්වා තවදුරටතේ රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට  කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (10) නියෝග කළා.

එම නඩුවේ පළමුවන සැකකරු වසර නවයක් පැරණි එම පක්ෂයේ නිලධාරියකු ලෙස කටයුතු කළ අයකු බවත් ඔහු ස්වාධීන අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට දැරූ උත්සාහය ව්‍යර්ථ වීම නිසා වෙනත් පිටස්තර අයකුට එම නාමයෝජනා භාර දීමට පියවර ගෙන ඇතත් ඒ සඳහා කිසිදු අල්ලසක් ඉල්ලා හෝ ලබාගෙන නොමැති බව එම සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ පවසා තිබෙනවා.

එලෙස පක්ෂයේ සාමාජිකත්වය නොමැති පිටස්තර අයකුට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබාදීමට උත්සාහ දැරීමෙන්ම අයථා ගනුදෙනුවක් අනුව සිදුවී ඇති බව නිගමනය කළ හැකි බව ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා මෙහිදී පවසා තිබුණා.

සෙසු සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් අධිකරණයට පවසා ඇත්තේ ඔවුන්  හයදෙනා අතරින් කිහිපදෙනකු එදින එම ස්ථානයට පැමිණ ඇත්තේ ඔවුනට ලැබුණ දිවුරුම් කොමසාරිස් තනතුරුවලට අදාළ පත්වීම් ලිපිවල පැවැති අඩුපාඩුකම් කිහිපයක් නිවැරදි කර සකස් කර ගැනීම සඳහා බවයි.

අධිකරණ අමාත්‍යාංශයෙන් ලබාදුන් එකී පත්වීම් ලිපිවල යම් අඩු ලුහුඬුකමක් පැවැතියේනම් එය නිවැරදි කරගත යුත්තේ අධිකරණ අමාත්‍යාංශයට ගොස් මිස දේශපාලන පක්ෂ කාර්යාලයකට යෑමෙන් නොවන්නේ යැයි ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා මෙහිදී පවසා තිබෙනවා.

සිය පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ධුරය ලබාදීම සඳහා රුපියල් කෝටි 03ක අල්ලස් මුදලක් ලබා ගැනීමට උත්සාහ කළ එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ලේකම් ඇතුළු නිලධාරීන් පිරිසක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් පසුගිය අගෝස්තු 14 වෙනි දින පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ එම පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස ඇප මුදල් තැන්පත් කළ මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා සිදුකළ පැමිණිල්ලකට අනුවයි.

RECENT ARTICLES - SINHALA

කොළඹ බලය කාටද?

කොළඹ මහ නගර සභාවේ මංගල සැසිය අද(16) පැවැත්වෙනවා. පෙරවරු 9.30 ට සැසිය ආරම්භ වන්නේ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා...

නායයෑමේ අනතුරු ඇඟවීම්

පවතින අයහපත් කාලගුණයත් සමග දිස්ත්‍රික්ක 07ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කටයුතු කර තිබෙනවා. ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම...

වත්කම් තහනම් කල සෙට් එක මෙන්න

සංවිධානාත්මක අපරාධකරුවන් සහ මූල්‍ය වංචාවලට සම්බන්ධ පුද්ගලයින් 88 දෙනෙකුගේ වත්කම් තහනම් කර තිබෙනවා. පොලිසිය සඳහන් කලේ ඒ අතර සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනා ලැබු...

POPULAR ARTICLES

කොළඹ බලය කාටද?

කොළඹ මහ නගර සභාවේ මංගල සැසිය අද(16) පැවැත්වෙනවා. පෙරවරු 9.30 ට සැසිය ආරම්භ වන්නේ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා...

බොරතෙල්වලට බලපාන යුද ගැටුම්

ඊශ්‍රායලය සහ ඉරානය අතර හටගෙන ඇති යුදමය වාතාවරණය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව අද (16) දිනයේ  WITබොරතෙල් බැරලයක මිල ඩොලර්...

නායයෑමේ අනතුරු ඇඟවීම්

පවතින අයහපත් කාලගුණයත් සමග දිස්ත්‍රික්ක 07ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කටයුතු කර තිබෙනවා. ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම...